අද දිස්වූ පූර්ණ චන්ද්‍රයා Flower Moon ලෙස නම් කරයි

අද දිස්වූ පූර්ණ චන්ද්‍රයා Flower Moon ලෙස නම් කරයි

May 1, 2026   09:58 pm

මැයි මාසයේ මෙම පළමු පූර්ණ චන්ද්‍රයා Flower Moon ලෙස නම්කර ඇති බව නාසා ආයතනය පවසයි.

අද (01) දිස් වූ වෙසක් සඳේ සේයාරුවක් පළකරමින් නාසා ආයතනය මේ බව සඳහන් කර ඇත.

වසන්ත මාසයේ මල් පිපීම බහුල වීම සංකේතවත් කරමින් මෙසේ නම් කර ඇති බවද සඳහන් වේ.

එමෙන්ම මැයි 30 වැනිදා දර්ශනය වීමට නියමිත පූර්ණ චන්ද්‍රයා MicroMoon ලෙස නම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම අවස්ථාවේ සඳ පෘථිවියට ඈතින් කක්ෂගතව පිහිටන බැවින් එසේ නම් කර අති බවද වාර්තා වේ.