header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දකුණු පාතාලය සෙලවුණු SF රාජුගේ අත්අඩංගුවට ගැනීම
Apr 18, 202610:19 PM
දකුණු පාතාලය සෙලවුණු SF රාජුගේ අත්අඩංගුවට ගැනීම
Mobitel 1278

මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් එස්. එෆ්. රාජු මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබේ.

ඒ, පැය 72ක කාලයකට ලබාගත් රැඳවුම් නියෝග මතය.

ඉන්දියාවේදී අත්අඩංගුවටගත් සැකකරු ඊයේ (18) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.

සෝබනහන්දි ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් එස්.එෆ්. රාජු ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා පොලිසිය ඉන්දිය බුද්ධි අංශ වෙත ලබාදුන් තොරතුරකට අනුවය.

එස්.එෆ්. රාජු ඉන්දියාවට පැමිණ ග්‍රිසියට හෝ ඉතාලියට පලායාමට සූදානමින් සිට ඇති බව එම තොරතුරේ සඳහන්ව තිබී ඇත.

ඒ අනුව එස්.එෆ්. රාජු කටුනායක ගුවන්තොටුපොළින් ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබීය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා භාරදෙනු ලැබුවේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙතයි.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේම ඔහු රැගෙන එනු ලැබීය.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

එස්.එෆ්. රාජු පොලිස් විශේෂ කාර්ය බලකායේ සිට පසුව යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු ලෙස කටයුතු කර තිබේ.

තම සොහොයුරා වන කරන්දෙණියේ සුද්දා සමග එක්ව හිත හොඳ දොස්තර ඝාතනය කිරීමත් සමග මොහු පාතාලයට අත්පොත් තබා ඇති බව පොලිසිය පැවසුවේය.

කරන්දෙණියේ සුද්දා ලබා ගන්නා කොන්ත්‍රාත් ඝාතන බහුතරයක් මොහු මෙහෙයවා ඇති බවද වාර්තාවේ.

එමෙන්ම මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ආයුධ ජාවාරම් කිරීම් හා පාතාල ක්‍රියාදාම මෙහෙයවීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ලවී තිබේ.

අකුරේගොඩදී පසුගියදා නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ ද SF රාජු බවට සැක කෙරේ.

කරන්දෙණියේ සුද්දාගේ කල්ලිය දකුණු පළාතේ මේ වන විට ක්‍රියාත්මක දරුණුතම අපරාධ කල්ලියක් වන අතර මොහු අත්අඩංගුවට පත්වීමත් සමග දකුණේ අපරාධ රැසක් පාලනය කරගැනීමට හැකිවනු ඇති බවට පොලිසිය අපේක්ෂා කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana