header logo
SLIC
විශේෂාංග
ලොවක් කතාකළ 'IRIS Dena' නෞකාවට එම නම ලැබී ඇති අයුරු
Mar 12, 202606:29 PM
ලොවක් කතාකළ 'IRIS Dena' නෞකාවට එම නම ලැබී ඇති අයුරු
EDEX

ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේ දී අමෙරිකානු සම්මැරීනයක් මගින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ 'IRIS Dena' යුද නෞකාවට එම නම ලබාදී ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගනිමින්ය.

ඒ අනුව එහි 'IRIS' යන්නෙන් අදහස් වන්නේ Islamic Republic of Iran Ship (ඉරාන ඉස්ලාමීය ජනරජ නෞකාව) යන්නය.

එමෙන්ම 'Dena' යනු ඉරානයේ සුන්දර කඳු පන්තියක නමක්ය.

නැගෙනහිර ඉරානයේ ඉස්ෆහාන්, කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් සහ චහර්මහාල් සහ බක්තියාරි පළාත්වලට මායිම ඇති එම කන්ද කිලෝමීටර 80ක් දිග සහ කිලෝමීටර 15ක සාමාන්‍ය පළලකින් යුක්තය.

අධික හිම පතනයක් පවා සිදුවන මෙම ඩෙනා කඳු පන්තියෙහි මීටර් 4,000 (අඩි 13,000) ට වඩා උස කඳු මුදුන් 40කට වඩා පිහිටා තිබීම සුවිශේෂීය.

ඒ අනුව මෙම කඳු පන්තිය පාදක කරගනිමින් අදාළ නම ලබාදී ඇත.

ටෝපිඩෝ ප්‍රහාරයට මෙම 'IRIS Dena' නෞකාව ලක්වන විට එහි 180ක කාර්ය මණ්ඩලයක් සිටි අතර, ඉන් 87ක් ජිවිතක්ෂයට පත්ව තවත් 60ක් තවමත් අතුරුදන්ව ඇත.

මෙහිදී දිවි බේරාගැනීමට හැකිවූයේ පුද්ගලයන් 32කට පමණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight