මුදාගත් ඉරාන භටයින් ට ප්‍රතිකාර ඇරඹූ කරාපිටිය රෝහල - නවතම දර්ශන මෙන්න
March 4, 2026 03:54 pm
නාවික හමුදා මෙහෙයුමකින් බේරගත් ඉරාන නෞකාවේ සිටි පිරිසට මේ වන කරාපිටිය රෝහලේ ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.
ගොඩබිමට රැගෙන ආ ඉරාන නාවික හමුදා භටයින් 32ක් මේ වනවිට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර ඒ පිළිබඳ නවතම දර්ශන පෙළක් අද දෙරණ ට ලැබී තිබේ.
අද අලුයම ඉරාන නෞකාවක් ගාලු වරායට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට ලක්වූ අතර පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහි සිටි පිරිස මුදාගනු ලැබීය.
