header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
1989 සිට ඉරානය භාරව සිටි කමේනි ගැන ඔබ නොදත් දේ
Mar 01, 202607:26 AM
1989 සිට ඉරානය භාරව සිටි කමේනි ගැන ඔබ නොදත් දේ
Mobitel 1278

දශක තුනකට අධික කාලයක් පාලනය කළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේ වන විට ඉරානය විසින් පිළිගෙන තිබේ.

ඒ එරට රාජ්‍ය මාධ්‍ය විසින් මේ බව අනාවරණය කිරීමත් සමගය.

කමේනිට අමතරව මෙම ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, මුනුපුරා සහ බෑණාද ඝාතනයට ලක්ව ඇති බවද මේ වන විට අනාවරණය වී ඇත.

1939 වසරේ අප්‍රේල් 19 වැනි දින නැගෙනහිර ඉරානයේ මෂාඩ් හී උපත ලැබූ කමේනි එක්සත් ජනපදයේ සහාය ලත් ෂා මොහොමඩ් රේසා පහ්ලවි බලයෙන් පහ කළ 1979 විප්ලවයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ඉස්ලාමීය ක්‍රියාකාරිකයින් අතර සිටි අයෙකි.

ඉරානයේ පළමු උත්තරීතර නායක අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ සමීප සගයෙකු වූ කමේනි නව ක්‍රමය හරහා නැගී එමින් 1981 සිට 1989 දක්වා ජනාධිපති ලෙස සේවය කළ අතර එම වසරේම කොමේනිගේ මරණයෙන් පසු උත්තරීතර නායකයා බවට පත්විය.

එහිදී කොමේනි මිය ගිය විට, විශේෂඥයින්ගේ සභාව - පූජකවරුන්ගේ මණ්ඩලය - නව උත්තරීතර නායකයා ලෙස අලි කමේනි තෝරා ගත් අතර, ෂියා පූජකවරුන් අතර අවශ්‍ය තරාතිරම ලබා නොතිබුණද ඔහුට බලය භාර ගැනීමට ඉඩ සලසන පරිදි ව්‍යවස්ථාව වෙනස් කළේය.

දශක ගණනාවක් බලයේ සිටි කමේනි, ඉරානයේ දේශපාලන හා ආරක්ෂක පද්ධතිය මත පාලනය තහවුරු කර ගත් අතර සැමවිටම එක්සත් ජනපදය සහ ජෙරුසලම කෙරෙහි දැඩි ස්ථාවරයෙක් කටයුතු කළේය.

එමෙන්ම ඉරාන දේශපාලනය සහ එහි සන්නද්ධ හමුදා කෙරෙහි දැඩි ග්‍රහණයක් පවත්වා ගෙන ගිය කමේනි, පාලක පද්ධතියට එල්ල වන අභියෝග, ඇතැම් විට ප්‍රචණ්ඩ ලෙස මර්දනය කළේය.

දැඩි මර්දනකාරී ක්‍රියාපිලිවෙතක් අනුගමනය කළ ඔහුගේ පාලන කාලය තුළ මරණ දඩුවම් ක්‍රියාත්මක වීමේ වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ අයිතිවාසිකම් කණ්ඩායම් විසින් වාර්තා කර තිබුණි.

ඒ අනුව පසුගිය 2025 වසරේදී ඉරාන බලධාරීන් විසින් එරට 1,000කට අධික පිරිසකට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර එය අවම වශයෙන් වසර 15ක් තුළ වාර්තා කළ ඉහළම වාර්ශික අගය ලෙසද හඳුන්වා දී ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ඉරානය 2024 දී අවම වශයෙන් පුද්ගලයින් 975 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවත් එය 2015 සිට ඉහළම සංඛ්‍යාව බවත් වාර්තා කර තිබුණි.

මැදපෙරදිග කලාපය පුරා කමේනි ඉරානයේ මිත්‍ර හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් ජාලය තුළට විශාල වශයෙන් ආයෝජනය කළ අතර එය ඉරාන බලය එහි දේශසීවාවෙන් ඔබ්බට යොමු කිරීමට භාවිත කළ උපාය මාර්ගයක් ලෙසද දැක්වේ.

හමාස් වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට ඔහු ලබා දුන් සහාය, බටහිර ඉවුර සහ ගාසා තීරයේ සිට ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හූති අන්තවාදීන් මෙන්ම ඉරාකයේ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් දක්වාද කමේනි යටතේ ඉරානය මෙම ත්‍රස්ත කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන ගණනින් වියදම් කළේය.

1989 සිට ඉරානය භාරව සිටින කමේනි දැඩි මතධාරී පූජකයෙකු ලෙසින්ද සැලකේ.

දරුවන් හය දෙනෙකු සිටින කමේනිගේ පාලන සමයේදී ඉරානයේ ජනාධිපතිවරුන් හත් දෙනෙකුද සේවය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්