header logo
Vallibel FD
විශේෂාංග
නිපා වෛරසය ආසාදනයෙන් බංග්ලාදේශයේ කාන්තාවක් මරුට
Feb 09, 202603:59 PM
නිපා වෛරසය ආසාදනයෙන් බංග්ලාදේශයේ කාන්තාවක් මරුට
Mobitel 1278

නිපා වෛරස් ආසාදනයෙන් බංග්ලාදේශයේ අවුරුදු 40 ක කාන්තාවක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත.

නමුත් රෝගය ජාත්‍යන්තරව පැතිරීමේ අවදානම අඩු බව සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එම රෝගියා බංග්ලාදේශයේ රාජ්ෂා ප්‍රදේශයේ නාඕගොන් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන් වේ.

පසුගිය ජනවාරි 21 වනදා පළමුවෙන්ම ඇයට උණ සහ ස්නායු රෝග ලක්ෂණ ඇති වූ බව පැවසේ.

ජනවාරි 28 වන දින ඇය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී උගුරේ තුවාල ඇති බව සොයාගෙන ඇත.

පසුව සිදුකළ රුධිර සහ අනෙකුත් රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ ඇයට නීපා වෛරස් ආසාදනය වී ඇති බවය.

ඇයට මෑත කාලීන සංචාරක ඉතිහාසයක් නොතිබුණද, අමු රට ඉඳි ආහාරයට ගෙන ඇති බව වාර්තා වේ.

පෙබරවාරි 3 වනදා වන විට බංග්ලාදේශය ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පද්ධතිය හරහාමේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත නිල වශයෙන් දැනුම් දුන් බව සඳහන් වේ.

සෞඛ්‍ය නිලධාරීන් රෝගියා සමඟ සම්බන්ධ වූ පුද්ගලයින් 35 දෙනෙකු හඳුනාගෙන පරීක්ෂා කර ඇති අතර, මේ දක්වා අමතර රෝගීන් කිසිවෙකු හඳුනාගෙන නොමැති බව පවසයි.

2001 සිට බංග්ලාදේශය රෝගීන් 348 ක් වාර්තා කර ඇති අතර ඉන් අඩක් පමණ අමු රට ඉඳි පරිභෝජනයට ගත් පිරිස බව සනාථ වී තිබේ.

බංග්ලාදේශයේ නීපා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම දෙසැම්බර් සහ අප්‍රේල් අතර කාලයේ සිදුවන අතර එය නැවුම් අමු ඉදි යුෂ අස්වැන්න නෙළනා කාලය සමඟ සමපාත වන කාල පරිච්ඡේදයක් බව සඳහන් වේ.

වෛරසය සඳහා දැනට බලපත්‍රලාභී එන්නත් හෝ නිශ්චිත ප්‍රතිවෛරස් ප්‍රතිකාර නොමැති අතර රෝගය සඳහා ඉහළ මරණ අනුපාතයක් ඇති අතර එය සියයට 40 ත් 75 ත් අතර අගයක් වියහැකි බව ඇස්තමේන්තු කර ඇත.

මෙම වෛරසය වවුලන් මගින් ගෙන යන අතර ආසාදිත සතුන්ගෙන්ද පැතිර යා හැකියි.

එමෙන්ම පලතුරු හෝ අමු පලතුරු නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් හෝ ආසාදිත පුද්ගලයෙකුගේ ශරීර තරල සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් ද මෙම වෛරසය ආසාදනය විය හැකි බව සඳහන් වේ.

ආසාදනයෙන් දින 3ත් 21ත් අතර කාලය තුළ රෝග ලක්ෂණ මතු විය හැකි අතර, උණ, හිසරදය, ව්‍යාකූලත්වය, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, වමනය හෝ පාචනය ප්‍රධාන රෝග ලක්ෂ වේ.

ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මෙය වසංගත තත්ත්වයට වාර්තා වී ඇති නමුත් ශ්‍රී ලංකාවේ එවැන්නක් තහවුරු කර නොමැති බව සඳහන් වේ.

1998 දී ප්‍රථම වරට නීපා වෛරසය හඳුනාගෙන ඇති අතර, වෛරසය ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයන් ඇති කර ඇත්තේ කුඩා ප්‍රමාණයක් බව සඳහන් වේ.

නමුත් මෙම වෛරසයට ඉතා ඉහළ මරණ අනුපාතයක් ඇති බව හඳුනාගෙන තිබේ.

මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ආරම්භක වසංගතයෙන් රෝගීන් 300 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 100 කට වඩා වාර්තා වී ඇත.

ඒ අතර ප්‍රධාන වශයෙන් ඌරු ගොවීන් සිට තිබේ.

මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැතිකම බරපතළ මහජන සෞඛ්‍ය ගැටළුවකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්