header logo
SLIC
විශේෂාංග
දහස් ගණනකගේ ගෞරවය මැද ලුතිනන් කොයාන් දැයෙන් සමුගනී
Jan 31, 202601:04 PM
දහස් ගණනකගේ ගෞරවය මැද ලුතිනන් කොයාන් දැයෙන් සමුගනී
EDEX

අමෙරිකානු එක්සත් ජනපදයේ 'නාවික සීල්' පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියා ලෙස සැලකෙන ලුතිනන් කොයාන් චාමිත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (30) ගම්පහ ඔරුතොට ප්‍රදේශයේදී සිදුකෙරුණි.

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බල ගණයේ ලුතිතන්වරයෙකුව ලෙස ත්‍රිකුණාමලය නාවික කඳවුරට අනුයුක්තන සේවය කළ 28 හැවිරිදි කොයාන් චාමිත මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය.

ඒ ලබන 4 වැනිදා පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා වැලිසර ගැමුණු නාවික කඳවුරෙහි රැදී සිටින අතරතුරදීය.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවට ඔහු අධ්‍යාපනය ලැබූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන්, නාවික හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

https://youtu.be/ZSXrBKVh3CU
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight