
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විමත් දිනසර හට හිමිව ඇති අතර අයර්ලන්ත පිළ මෙහෙයවනු ලබන්නේ, ඔලිවර් රිලේ විසිනි.
ඒ කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ජපානයට එරෙහිව පැවැති තරගය ලකුණු 203කින් ජයගැනීමට සමත් විය.







































