යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද
January 17, 2026 09:41 am
සිම්බාබ්වේ හා නැමීබියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද (17) ජපානයට එරෙහිව පැවැත්වේ.
නැමීබියාවේ වින්ඩ්හෝක් හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් ප.ව. 1ට ආරම්භවීමට නියමිතය.
කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව 'A' කාණ්ඩයෙන් තරග වදිනු ලබයි.
ඊයේ (16) ආරම්භවූ මෙම තරගාවලියේ තරග 4ක් පැවති අතර, එහිදී ඇෆ්ගනිස්තානය හමුවේ දකුණු අප්‍රිකාව පරාජය පත්වීම කැපී පෙනෙනම තරගය විය.
ඊට අමතරව එංගලන්තය විසින් පාකිස්තානයද, ඔස්ට්‍රේලියාව විසින් අයර්ලන්තයද, බ.ඉ. කොදෙව්වන් විසින් ටැන්සානියාවද පරාජය කිරීමට සමත් විය.
