හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවක් කල් යයි

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවක් කල් යයි

January 14, 2026   03:17 pm

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ජනවාරි මස 29 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීම් කරමින් මෙම නඩුවට අදාළව බැංකු ලේඛන වාර්තා මෙතෙක් විත්තිය වෙත ලබාදී නොමැති බව සඳහන් කළේය. 

ඒ අනුව අදාළ වාර්තා විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නීතිඥවරියට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව අදාළ නඩුව යළි එළැඹෙන 29 වනදා කැඳවන ලෙස නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අය නම් කර ඇත.