header logo
SLIC
විශේෂාංග
ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙරට ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදකී
Jan 12, 202602:12 PM
ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙරට ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදකී
EDEX

ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය Mogo Studios විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවිකරණ චිත්‍රපටය වන "The Secret of the Moonstone"හි පූර්ව ප්‍රචාරක පටය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා Mogo Studios විසින් එලෙස නිකුත් කර ඇත.

මෙම චිත්‍රපටය ළඟදීම ලොව පුරා නිකුත් කිරීමට නියමිතය.

Mogo Studios යනු ශ්‍රී ලංකාවේ විශාලතම සහ අංක 1 සම්මානලාභී සජීවිකරණ චිත්‍රාගාරය වන අතර එය දෙරණ මාධ්‍ය ජාලයේ අනුබද්ධිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම චිත්‍රාගාරය සජීවිකරණ, ක්‍රීඩා සංවර්ධනය සහ අදාළ ක්ෂේත්‍රවල ඩිප්ලෝමා වැඩසටහන් පිරිනමන පිළිගත් පුහුණු ආයතනයක් වන Mogo මාධ්‍ය ඇකඩමිය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඉහතින් නැරඹිය හැකිය.

https://youtu.be/JERNyI7iH1c
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight