header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මදුරෝ අල්ලා ගත් Operation Absolute Resolve නම් මෙහෙයුම
Jan 04, 202607:51 PM
මදුරෝ අල්ලා ගත් Operation Absolute Resolve නම් මෙහෙයුම
Mobitel 1278

ආරක්ෂාකාරී සහ නීත්‍යනුකූල බල හුවමාරුවක් සිදුවනතුරු අමෙරිකාව වෙනිසියුලාව පාලනය කිරීමට අදහස් කරන බවත්, වෙනිසියුලාවේ තෙල් නිධි කළමනාකරණය කිරීමට අමෙරිකානු සමාගම් යොදවන බවත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (04) ප්‍රකාශ කළේය.

අමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගනු ලැබූ වෙනිසියුලානු ජනපතිවරයා මේ වන විට රැඳී සිටින්නේ නිව්යෝක් හි බෘෘක්ලින් නාගරික රැඳවුම් මධ්‍යස්ථානයේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු රජය තුළ සිටි CIA ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරු මත ජනපති නිකොලස් මදුරෝ සැඟවි සිටි ස්ථානය අමෙරිකාව විසින් සොයා ගනු ලැබූ බවය.

වෙනිසියුලාවේ කරාකස් අගනුවර ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන අමෙරිකාව දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ එරට වේලාවෙන් ඊයේ (03) අලුයම් කාලයේදීය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිකුරාදා රාත්‍රී 10.45ට පමණ ජනපති ට්‍රම්ප්ගෙන් එම මෙහෙයුම දියත් කිරීමට නියෝගය ලැබී තිබුණු බවය.

මිනිත්තු 90ක පමණ කාලයක් පුරා එම මෙහෙයුම දියත් කෙරුණි.

ඒ අතරතුර ඊයේ අලුයම 1.01 වනවිට අමෙරිකානු හමුදා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සිටි ආරක්ෂිත ස්ථානයට ළඟා වී තිබුණි.

අනතුරුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සිය භාරයට ගත් අමෙරිකානු හමුදා නිලධාරීන් ජනපති යුවල රටින් පිටතට ගෙන ගොස් තිබේ.

ඒ , මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදුකිරීම, ආයුධ සහ විනාශකාරි උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එ‍රෙහිව කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට අදාළවය.

මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 50ක තෑගි මුදලක් ප්‍රදානය කරන බවද අමෙරිකාව නිවේදනය කර තිබුණි.

කරාකස් හිදි හමුදා භාරයට ගත් ජනපති යුවල, අමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් මගින් කැරිබියන් මුහුදේ හෙළි නොකළ ස්ථානයක නවතා තිබූ අමෙරිකානු නාවික හමුදාවට අයත් ''ඉවෝ ජිමා'' නෞකාව වෙත භාරදී ඇත්තේ අලුයම 3.39ටය.

ජනාධිපති මදුරෝ ඉවෝ ජිමා නෞකාවේ රඳවා සිටියදී ලබාගත් ඡායාරූපයක් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබුණි.

පසුව එහි සිට කියුබාවේ පිහිටි අමෙරිකානු නාවුක කඳවුරක් වෙතත් ජනපති යුවල රැගෙන ගොස් තිබේ.

එතැන් සිට හෙලිකොප්ටර් යානාවකින් ජනපති නිකොලස් මදුරෝ නිව්යෝක් හි ගුවන් හමුදා කඳවුරක් වෙත රැගෙන ගොස් ඇත.

ඒ අනුව හමුදා භාරයට ගැනීමේ සිට නිව්යෝක් දක්වා මදුරෝ ජනාධිපතිවරයා ගමන් කර ඇති දුර කිලෝ මීටර 3,300කට අධිකය.

අමෙරිකානු හමුදා භාරයට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයාව එහි සිට විශේෂ ආරක්ෂාවක් යටතේ නිව්යෝක් හි බෘෘක්ලින් නාගරික රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුද, ගුවන්, නාවුක, අභ්‍යවකාශ සහ බුද්ධි අංශවල ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මාස කිහිපයක සිට සැලසුම් කෙරුණු ''ඔපරේෂන් ඇබසොලියුට් රිසොල්ව්'' නම් මෙම මෙහෙයුම සඳහා කඳවුරු 20ක සිට F-22 සහ F-35 ඇතුළු ප්‍රහාරක යානා සහ B-1 බෝම්බ හෙලන යානා මෙන්ම ඩ්‍රෝන යානා 150කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගෙන තිබුණි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම දියත් කරනු ලැබුවේ ඩෙල්ටා ප්‍රහාරක බලකාය විසිනි.

එය අමෙරිකානු හමුදාවේ ප්‍රබලතම ප්‍රතිත්‍රස්ත අංශයයි.

ජනපති මදුරෝ රැගෙන එමින් සිටින අතරවාරයේ ජනපති ට්‍රම්ප් අමෙරිකාවේ ෆොක්ස් මාධ්‍ය ආයතනය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පවසා තිබුණේ වෙනිසියුලා ජනපති යුවල අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව තමා සජීවීව නැරඹූ බවය.

එය රූපවාහිනි වැඩසටහනක් නැරඹුවා මෙන් තමාට දැනුණු බව ජනපති ට්‍රම්ප් කියා ඇත.

ප්‍රහාරයට සතියකට පෙර තමන් මදුරෝ අමතා යටත් වන්නැයි දැනුම් දුන් බවද ඔහු පවසයි.

එසේම මදුරෝ අල්ලා ගන්නාවිට සැඟවී සිටියේ ඝණ වානේ වලින් සෑදු බලකොටුවක් වැනි ස්ථානයක බව ජනපති ට්‍රම්ප් අනාවරණ කර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ