ගම්පහ Crime OIC අල්ලස් දැලේ

ගම්පහ Crime OIC අල්ලස් දැලේ

December 25, 2025   07:05 pm

ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී භාණ්ඩ තොගයක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාවකට මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදුකරයි.