header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්
Nov 06, 202512:20 PM
කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්
Mobitel 1278

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක බව පොලීසිය පවසයි.

මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ දේපළ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කරන බව පොලීසිය පැවසීය.

ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලාගේ නමැත්තියගේ සැමියා ඊයේ (05) මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

මේ අතර අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා ඉපලෝගම පොලිසිය මගින් තරුණයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතරතුර ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි සගයෙකුට පවසා ඇත්තේ, සිය නිවසේ හෙරොයින් පාර්සලයක් ඇති බවය.

එය නිවසට ආසන්න වැවක් ආශ්‍රිතව සඟවන ලෙස සැකකරු සිය සගයාට උපදෙස් ලබාදී ඇතැයි පැවසෙයි.

ඒ අනුව සගයා එය රැගෙන ගොස් සඟවා ඇති අතර ඒ අතරතුරදී සැකකරු සිය පියාට පවසා ඇත්තේ, එම මත්ද්‍රව්‍ය තොගය සගයාගෙන් යළි ලබාගෙන නිවස පිටුපස සඟවන ලෙසටය.

රුපියල් කෝටි 2කට වැඩි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් පාර්සලය තුළ ඇති බැවින් සගයා එය සොරාගැනීමටද ඉඩ ඇති බව එහිදී සැකකරු සිය පියාට පවසා ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව අදාළ සැකකරුගේ පියා එම හෙරොයින් තොගය සැඟවූ සගයා ලවාම එය නැවත ගෙන්වාගෙන ගල්නෑවේ පිහිටි සිය නිවස පසුපස වළදමා තිබේ.

අනතුරුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව අදාළ සගයා පළමුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැඟවූ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අනාවරණ කර ඇත.

ඒ අනුව නිවස පසුපස සඟවා තිබූ හෙරොයින් පාර්සලය සොයාගැනුණු අතර, කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 185යි මිලිග්‍රෑම් 400ක බරකින් යුත් හෙරොයින් තොගයක් එහි වූ බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව පොලිසිය සැකකාර පියා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔහු ප්‍රදේශයේ පිහිටි රජයේ විදුහලක විදුහල්පතිවරයා බවය.

එමෙන්ම ඔහුගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන දිස්නා නෙරංජලා නැමැත්තිය බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඒ අනුව අදාළ මන්ත්‍රිවරියගේ පෑලියගොඩ පිහිටි නිවසක්ද ඊයේ පස්වරුවේ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කළද එහි තිබී කිසිඳු සැකකටයුතු දෙයක් හමුවී නොමැත.

මේ අතර අදාළ මන්ත්‍රීවරිය මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු ද වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ඥාතිවරියක් බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා හා අනෙක් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කළේය.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

https://www.youtube/z3UJFf0Fgbc
MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ