header logo
SLIC
විශේෂාංග
1- 6 ශ්‍රේණි විෂයමාලා ප්‍රතිසංස්කරණ ගැන උපදෙස් සංග්‍රහයක්
Oct 22, 202509:33 PM
1- 6 ශ්‍රේණි විෂයමාලා ප්‍රතිසංස්කරණ ගැන උපදෙස් සංග්‍රහයක්
EDEX

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විසින් 1 හා 6 ශ්‍රේණිවල නව විෂය මාලා ක්‍රියාත්මක කිරීම සඳහා පාසල් සූදානම් කිරීමේ ක්‍රියාවලියට මාර්ගෝපදේශයක් ලෙස මෙම උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ පරිදි චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවදි තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර 1,2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවදිය, 3,4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවදිය, 5 වන ශ්‍රේණිය තෙවන ප්‍රධාන අවදිය ලෙස වෙන්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ප්‍රාථමික අංශයේ පළමු වන සහ දෙවන ප්‍රධාන අවදියන්හී පාසල් පවත්වන කාලයේ කිසිදු වෙනසක් සිදුනොවන අතර තෙවන ප්‍රධාන අවදිය පෙරවරු 7.30සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට නියමිතය.

පළමු ශ්‍රේණිය සිසුන් සඳහා පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ක්‍රියාකාරකම් පොත් ලබාදීමට සැලසුම් කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කණිෂ්ට ද්විතීක අධ්‍යාපනය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන අතර ලබන වසරේ සිට 6 ශ්‍රේණිය සදහා නව විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කණිෂ්ඨ ද්වීතික මට්ටමේදී සියලු සිසුන් අනිවාර්යය විෂයන් 14ක් හැදැරීමට අවශ්‍ය වන අතර ක්‍රිඩා සමිති සමාගම් සඳහා සහභාගී වීමට ද සෑම දරුවෙකුටම අවකාශ ලබා දී තිබේ.

අනිවාර්යය විෂයන් 14 මොඩියුල මඟින් ඉගැන්විමට අපේක්ෂා කෙරෙන අතර විෂයන් අනුව වාරයකට ඉගෙනීමට අවශ්‍ය මොඩියුලර් සංඛයාව තීරණය වනු ඇත.

06 වන ශ්‍රේණියේ සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සහ මුල්‍ය සාක්ෂරතාව ලෙස නව විෂයන් තුනක් හඳුන්වාදීමට නියමිතය.

කණිෂ්ට ද්විතීක අංශයේ පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා සිදුවනඅතර මිනිත්තු 50 බැගින් කාල පරිච්ඡේද 7ක් මෙහිදි හඳුන්වා දී තිබේ.

ලබන වසරේදී නව විෂය මාලා පාසල තුළ ක්‍රියාත්මත කිරීමට මූලික ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇති අතර එය සාර්ථික කරගැනීම සඳහා පාසල් මට්ටමේ සිට ජාතික මට්ටමක දක්වා සියලු ආයතනවල මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට කටයතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය උපදෙස් සංග්‍රහය මඟින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහය

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEho37BOxxevD9Gy7FeOVID6t3C3cGJA_m7Sn1njlnWYMVpEveZk-htkmwdKy5jtGmwFyHfxcfCsb3ERZ_ly0SOcoKWM57fBGDiZpnhRUt_l0GBUoYfmz-YLt-LubAKCF9qmYVBuffzzAZwhqBOD18OeSNB20a49VDoZkWzh5QRhCllNONAicJNACVhl1Au-/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLnYiBUgYbUwVUWGKHNWvdhd8hWCo2QvpY5VIgTFF19Pxzi3125nvgloprrccgMWneqFanXoaxm6-pA9g9KFrRXGgClZL-9UCPcomTGlf-_xM7Rxxzo44izpGq6RZgcx7S7HmxzhebMwz6_p9qVFn37oy9w3PNHn0tDNEIl9xdR1XxeK1HlmK2N7uwizEU/s1600/2.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEgsTQSUYox_-S2IZ4GpLJ4_tbU2oQmJn7tV2dtIt6iB72A2oBXIXbt8QqPpnajiM94TIwFmbh98dtCK2YwRDNcdt1Wa0nf9XS3nOPCyY7Jldey8j4fUMRhhyphenhyphenui4N7BqZ-cHLhHC6P6IMbI9Hq6a0gR-vYWmLqLZ5b2pIRmotpK_0U924gIZWKvyaesmXd/s1600/3.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhW-ak813xCh0Pb5ejgiGqXZrEGxNgjr87UVtvI4r55DpZ47BmWRcBV5WYvDpQWiGkHhi4fvDxuEzv0kUUbqygsnU0gnwK7_DjdyUE0cpdk8tPlxMnAB8kT1zAWQ3SBzigXIctYkgZcXSyHo_49NnxWLq9pVoxTDP078GhW1HSQiQdTqu2BK6GJrFEzlYcj/s1600/4.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAZz4R5mY6RZVKUvk5C76Mr_-YvE2NcqAfzL9xq19P7pZgJmxAuuSE4UmErC8g36BwZOeKZ9Q-3_BeCrdk6Yx1Nfdqve8iD8InhbvXv3Q-NQUFjn9u4GyvoH7-TalGn5r9GdLQzbsCS1SNYuu84otK8dsXaCc9ub9cZDkIuYzyibYjqz8UyoQpgqfnfW0L/s1600/5.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAeOGaUmRiAj1UNw_BU7EHw5HIbyOIHY2WHfCZ6eDPC0vfT2Duscs90HtwmEHMYmh0sknU8pMcMD_qy4Gk6YF3rZMQU9Pr0jimLNFl9DikVGjMYnSJUzqFA1hIRUG-MPtmE4IgsZgfLo5s84Ale879YKmbUWJDOqVWwWGlhk9zOvXX-58lYb10IOgLBM9q/s1600/6.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-7hVEyMZrabOuv5sj6UoMapDjHvCgyZVjzIMxr_qbEyiE3W_cUuLNNDlRys8lEPIqXwvq-k4P3R4HBKT5lKodHT8HtB_6_iLkWAtsx3FBioeqgF-g73ObQXtIwq7HxC_rZWXmeJJfvkgeoRZ6VNWnN4U4KakXj-N5lpPe913391n6CQsbeYoFqJNKw-du/s1600/7.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1RE6CmTNEk0WpoNIvg3t2DL0ZZHvZBJPKfvQ4AFEA264v_o0eTUMrIrAZNzZWvhP-Oi5sdO_qKepArpwSxNjwBlJ9KpO31OAJIyJzYrMGSP-QlablO8fqbi2APBTiH7InZZzvaEl5zfvwTKOBa0madIJ3aruJOXfPos49Q-O0mda6VHm04qEs-whgcx7w/s1600/8.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrWdmTvg2egzqp-tFdDcMB5VUE7RxgfwEMUrND-2sC-VaMgrrHtlRBRk-w76VsTECG3rEJDsVxXO8Jxk1MTva8FNZ5tG2mp_CLw0uV0WGGMgW1PdsNRa8V60c-vMjdFROp1ZehczzFYgtAYpMUE9y2Re-788ERPRSurQ9yBDOuahAqjLYCKjssVjnkVUvX/s1600/9.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9Yc67j_Y8OV4YkEgir32yPmYV99IhexSErg4z9hyphenhyphenq3ca9eZoxSziCiiQKDx4ohzIZ1ruoJzveTIxO0ZE_hlPFUNl-SXjlxWKKCugSrnwNwqw4Gi2uyKvqPQzdePgyPKpDUFZmcxjzwdwsrYPgPqP-hG79B6x7GceklKWRg3cKGLYhsGhQBBHjhvjVKi_8/s1600/10.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight