header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් - දිනකට මරණ 3ක්
Sep 24, 202503:07 PM
ශ්‍රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් - දිනකට මරණ 3ක්
Mobitel 1278

ශ්‍රී ලංකා තුළ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු වාර්තා වන බවත් පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු පමණ දිනකට මියයන බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ, 2022 දී වාර්තා වූ දත්ත අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සියලුම පිළිකා රෝගීන් 19,457ක් හඳුනාගෙන ඇති බවය.

ඒ අතරින් කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගීන් 5,477ක් හඳුනාගෙන ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28%ක් බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

පියයුරු පිළිකාව පෙර සිට හඳුනාගැනීමෙන් සුව කළ හැකි වුවත් පියයුරු පිළිකා රෝගීන් 30%ක් පමණම අවසන් තත්ත්වයේ දී හඳුනාගැනීම තුළින් සුව කිරීම අසීරු වන බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

වසරකට ලංකාවේ පිළිකා හේතුවෙන් 15,245ක් මියයන අතර එයින් 798ක් පියයරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ බව ද පැවසු වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළ අතර, මෙම තත්ත්වය තුළ පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසය ලෙස ඔක්තෝබර් මස 11 වන දින විශේෂ වැඩසටහනක් හැව්ලොක් සිටි හීදී පැවැත්වීමට නියමිත බව ද පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම,

" වැඩසටහන්වල පළවෙනි එක තමයි පිළිකා පිළිබඳ ප්‍රදර්ශනයක් තියෙනවා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ ඔක්තෝබර් මස 11 උදෑසන 10 සිට. ඒ වගේම විශේෂ වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහනනක් තියෙනවා පස්වරු 2ට ඒ වගේම තමයි පියයුරු පිළිකාව කලින් කියපු විදියට කලින් වේලාසනින් හඳුනාගෙන වේලාසනින් ප්‍රතිකාර කරලා අවසන් වන තෙක් ප්‍රතිකර කරලා ජයගත්ත රෝගීන් ඉන්නවා අපි අතර ඉන්නවා එහෙම පිළිකාවට ලක් වෙලා සුවය ලබපු අය විසින් කරන වැඩසටනකුත් අපි එදාට සූදානම් කරලා තියෙනවා."

src=Imagesrc=Imageමෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ, පියයුරු පිළිකා හඳුනා ගැනීමට අවුරුදු 20ට වැඩි සියලු ගැහැනු දරුවන් විසින් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගත යුතු වන අතර, එසේ නොමැති නම් සායනික පියයුරු පරීක්ෂාවට යොමු විය යුතු බවය.

එහිදී පියයුරු පිළිකා ඇති වීමට බලපාන සාධක ලෙස එතුමිය සඳහන් කරන්නේ,

* 50%ක් පමණ කාන්තාවක් වීම සහ වයස අවුරුදු 50ට වැඩි වීම.

*පවුල් ඉතිහාසයක් තිබීම.

*ජානමය විකෘතිතා.

*ඊස්ටජන් හෝමෝනයට නිරාවරණය වන කාලය වැඩිවීම.
(දරුවන් නොමැති හෝ අවුරුදු 11ට වඩා අඩු වයසෙන් වැඩිවියට පත්වූ දරුවන් හෝ අවුරුදු 55ට වැඩි ආර්තවහරණයට ලක්වූ කාන්තාවන්)

අවුරුදු 20-40ත් අතර කාන්තාවන් සායනික පියයුරු පරීක්ෂාව සඳහා වසර තුනකට වරක් යොමු විය යුතු බව ද අවුරුදු 40ට වඩා වැඩි කාන්තාවන් වසරකට වරක් සායනික පියයුරු පරීක්ෂාව සඳහා යොමු වියයුතු බව වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

රෝග ලක්ෂණ ලෙස පියයුරේ ඇතිවන වේදනාවන්, පියයුරුවල ඇතිවන ගැටිති තත්ත්වයන්, සමේ හැඩය වෙනස් වීම, පියයුරේ ප්‍රමාණය වෙනස් වීම, වළ ගැසීම, තන පුඩුවල ඇතිවන වෙනස එනම් යම් කිසි ශ්‍රාවයක් පිට වීම මෙන්ම කිහිල්ලේ ඇතිවන ගැටිති පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ බව සඳහන්ය.

මෙවැනි රෝගී තත්ත්වයක් පවතින විට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුවනාරී සායනය වෙත යොමු විය යුතු බවද මෙවැනි සායන ලංකාවෙහි 1,200 පමණ පවතින බවද රෝහල් ආශ්‍රිත ඇති සුවදිවි සායන වෙත යොමු වීමට හැකි බව වෛද්‍යවරිය වැඩිදුර සඳහන් කළාය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂ හසරැලි ප්‍රනාන්දු,

"පියයුරු පිළිකාව කියන්නේ බයවෙලා හැංගිලා ඉන්න ඕනි එකක් නෙමෙයි. පියයුරු පිළිකාව කලින් හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් පිළිකාවක්. ඒක නිසා වුරුදු 20ට වැඩි සියලුම කාන්තාවන් මසකට වරක් ඔබ වෙනුවෙන් ගත කරන්න. ස්වයං පියයුරු පරීක්ෂාවේ යෙදෙන්න. ඔබ යම්කිසි වෙනසක් හඳුනා ගත්තොත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana