header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් - දිනකට මරණ 3ක්
Sep 24, 202503:07 PM
ශ්‍රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් - දිනකට මරණ 3ක්
Mobitel 1278

ශ්‍රී ලංකා තුළ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු වාර්තා වන බවත් පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු පමණ දිනකට මියයන බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ, 2022 දී වාර්තා වූ දත්ත අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සියලුම පිළිකා රෝගීන් 19,457ක් හඳුනාගෙන ඇති බවය.

ඒ අතරින් කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගීන් 5,477ක් හඳුනාගෙන ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28%ක් බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

පියයුරු පිළිකාව පෙර සිට හඳුනාගැනීමෙන් සුව කළ හැකි වුවත් පියයුරු පිළිකා රෝගීන් 30%ක් පමණම අවසන් තත්ත්වයේ දී හඳුනාගැනීම තුළින් සුව කිරීම අසීරු වන බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

වසරකට ලංකාවේ පිළිකා හේතුවෙන් 15,245ක් මියයන අතර එයින් 798ක් පියයරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ බව ද පැවසු වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළ අතර, මෙම තත්ත්වය තුළ පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසය ලෙස ඔක්තෝබර් මස 11 වන දින විශේෂ වැඩසටහනක් හැව්ලොක් සිටි හීදී පැවැත්වීමට නියමිත බව ද පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම,

" වැඩසටහන්වල පළවෙනි එක තමයි පිළිකා පිළිබඳ ප්‍රදර්ශනයක් තියෙනවා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ ඔක්තෝබර් මස 11 උදෑසන 10 සිට. ඒ වගේම විශේෂ වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහනනක් තියෙනවා පස්වරු 2ට ඒ වගේම තමයි පියයුරු පිළිකාව කලින් කියපු විදියට කලින් වේලාසනින් හඳුනාගෙන වේලාසනින් ප්‍රතිකාර කරලා අවසන් වන තෙක් ප්‍රතිකර කරලා ජයගත්ත රෝගීන් ඉන්නවා අපි අතර ඉන්නවා එහෙම පිළිකාවට ලක් වෙලා සුවය ලබපු අය විසින් කරන වැඩසටනකුත් අපි එදාට සූදානම් කරලා තියෙනවා."

src=Imagesrc=Imageමෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ, පියයුරු පිළිකා හඳුනා ගැනීමට අවුරුදු 20ට වැඩි සියලු ගැහැනු දරුවන් විසින් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගත යුතු වන අතර, එසේ නොමැති නම් සායනික පියයුරු පරීක්ෂාවට යොමු විය යුතු බවය.

එහිදී පියයුරු පිළිකා ඇති වීමට බලපාන සාධක ලෙස එතුමිය සඳහන් කරන්නේ,

* 50%ක් පමණ කාන්තාවක් වීම සහ වයස අවුරුදු 50ට වැඩි වීම.

*පවුල් ඉතිහාසයක් තිබීම.

*ජානමය විකෘතිතා.

*ඊස්ටජන් හෝමෝනයට නිරාවරණය වන කාලය වැඩිවීම.
(දරුවන් නොමැති හෝ අවුරුදු 11ට වඩා අඩු වයසෙන් වැඩිවියට පත්වූ දරුවන් හෝ අවුරුදු 55ට වැඩි ආර්තවහරණයට ලක්වූ කාන්තාවන්)

අවුරුදු 20-40ත් අතර කාන්තාවන් සායනික පියයුරු පරීක්ෂාව සඳහා වසර තුනකට වරක් යොමු විය යුතු බව ද අවුරුදු 40ට වඩා වැඩි කාන්තාවන් වසරකට වරක් සායනික පියයුරු පරීක්ෂාව සඳහා යොමු වියයුතු බව වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

රෝග ලක්ෂණ ලෙස පියයුරේ ඇතිවන වේදනාවන්, පියයුරුවල ඇතිවන ගැටිති තත්ත්වයන්, සමේ හැඩය වෙනස් වීම, පියයුරේ ප්‍රමාණය වෙනස් වීම, වළ ගැසීම, තන පුඩුවල ඇතිවන වෙනස එනම් යම් කිසි ශ්‍රාවයක් පිට වීම මෙන්ම කිහිල්ලේ ඇතිවන ගැටිති පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ බව සඳහන්ය.

මෙවැනි රෝගී තත්ත්වයක් පවතින විට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුවනාරී සායනය වෙත යොමු විය යුතු බවද මෙවැනි සායන ලංකාවෙහි 1,200 පමණ පවතින බවද රෝහල් ආශ්‍රිත ඇති සුවදිවි සායන වෙත යොමු වීමට හැකි බව වෛද්‍යවරිය වැඩිදුර සඳහන් කළාය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂ හසරැලි ප්‍රනාන්දු,

"පියයුරු පිළිකාව කියන්නේ බයවෙලා හැංගිලා ඉන්න ඕනි එකක් නෙමෙයි. පියයුරු පිළිකාව කලින් හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් පිළිකාවක්. ඒක නිසා වුරුදු 20ට වැඩි සියලුම කාන්තාවන් මසකට වරක් ඔබ වෙනුවෙන් ගත කරන්න. ස්වයං පියයුරු පරීක්ෂාවේ යෙදෙන්න. ඔබ යම්කිසි වෙනසක් හඳුනා ගත්තොත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana