header logo
SLIC
විශේෂාංග
අද ඉතිහාසයේ දෙවන කෙටිම දිනය
Jul 22, 202508:26 PM
අද ඉතිහාසයේ දෙවන කෙටිම දිනය
EDEX

2025 ජූලි 22 වන අඟහරුවාදා එනම් අද දිනයේ පෘථිවිය සාමාන්‍ය කාලයට වඩා තරමක් අඩු කාලයකින් සම්පූර්ණයෙන් භ්‍රමණය වී අවසන් කරනු ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති කෙටිම දිනවලින් එකක් බවට පත් වන බව සඳහන් වේ.

එස වෙනස සම්මත පැය 24 ට වඩා මිලි තත්පර 1.34 කින් අඩු වනු ඇති බවත් එය දැනෙන හො දකින දෙයක් නොවන බව විද්‍යාඥයින් පවසයි.

එම තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත්, 2029 වසර දී පමණ පරමාණුක ඔරලෝසු වලින් තත්පරයක් අඩු කිරීමට හැකි වනු ඇති බව සඳහන් වේ.

පෘථිවියේ භ්‍රමණ වේගය ස්ථාවර නොවන බවත් බොහෝ කලකට පෙර, දිනයක් පැය 24 ට වඩා බෙහෙවින් කෙටි වූ බවත් සඳහන් වේ.

2023 අධ්‍යයනයකට අනුව, සූර්ය වායුගෝලීය වඩදිය බාදිය සහ චන්ද්‍ර සාගර වඩදිය බාදිය අතර සමතුලිතතාවයක් හේතුවෙන් පෘථිවියේ මුල් ඉතිහාසයේ සැලකිය යුතු කොටසක් පෘථිවියේ දිනයක් ආසන්න වශයෙන් පැය 19 ක් වී තිබේ.

කෙසේ වෙතත්, දිර්ඝ කාලයක් ගතවීමත් සමඟ පෘථිවියේ දිනය දිගු වී ඇත.

ප්‍රධාන වශයෙන් චන්ද්‍රයාගේ උදම් ඝර්ෂණය මෙයට හේතු වී ඇති අතර එය ක්‍රමයෙන් පෘථිවියෙන් ඈත් වීමට හේතු වී ඇත.

එය ඉවතට ගමන් කරන විට, චන්ද්‍රයා පෘථිවියේ භ්‍රමණ ශක්තිය අවශෝෂණය කරන අතර එමඟින් පෘථිවියේ භ්‍රමණය මන්දගාමී වන බැවින් දිනයක කාලය දිගු වන බව සඳහන් වේ.

"Timeanddate.com" වෙබ් අඩවියට අනුව, 1973 දී පරමාණුක ඔරලෝසුව සොයා ගැනීමත් සමඟ සිදුකළ වාර්තා කිරීම් අනුව 2020 දක්වා, වාර්තා වූ කෙටිම දිනය පැය 24 ට අඩු මිලි තත්පර 1.05 කි.

නමුත් 2020 සිට, පෘථිවිය නැවත නැවතත් තමන්ගේම වේග වාර්තා බිඳ දමා ඇත.

ඒ අනුව, මෙතෙක් මනින ලද කෙටිම දිනය සිදු වූයේ 2024 ජූලි 5 වන දින වන අතර, පෘථිවියේ භ්‍රමණය වෙනදාට වඩා මිලි තත්පර 1.66 ක් අඩුවෙන් සම්පූර්ණ වී ඇත.

2025 දෙස බලන විට, විද්‍යාඥයින් අනාවැකි පළ කළේ ජූලි 09, ජූලි 22 සහ අගෝස්තු 05 වසරේ කෙටිම දින විය හැකි බවටය.

කෙසේ වෙතත්, නව දත්ත වලට අනුව, ජූලි 10 වන දින 2025 දී මෙතෙක් කෙටිම දිනය ලෙස පෙරමුණ ගෙන ඇති අතර එය පැය 24 ට වඩා මිලි තත්පර 1.36 ක් අඩු වේගයකින් ගමන් කර ඇත.

එමෙන්ම අද දිනයේ පෘථිවිය මිලි තත්පර 1.34 ක් අඩුවෙන් එහි භ්‍රමණය සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ආසන්නතම දෙවන ස්ථානය බවට පත්වේ.

වත්මන් අනාවැකි එලෙසම පවතී නම්, එළැඹෙන අගෝස්තු 5 වන දින සාමාන්‍යය වෙලාවට වඩා මිලි තත්පර 1.25 කින් පමණ කෙටි වනු ඇත බව සඳහන් වේ.

මේ කෙසේ වෙතත් මෑත කාලීන භ්‍රමණ වෙනස්කම් වලට පවතින හේතුව තවමත් නොපැහැදිලි බව සඳහන් වේ.

2024 වසරේ අධ්‍යයනයකින් හේතු දක්වා ඇත්තේ ධ්‍රැවීය අයිස් දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම පෘථිවියේ භ්‍රමණයට බලපෑම් කළ හැකි බවටය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට