header logo
SLIC
විශේෂාංග
පිරිමි අබිබවා කාන්තා ජනගහණය ඉහළ යෑමෙන් අනාගතයේ අර්බුද රැසක්
Jul 22, 202508:18 AM
පිරිමි අබිබවා කාන්තා ජනගහණය ඉහළ යෑමෙන් අනාගතයේ අර්බුද රැසක්
EDEX

මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවය.

කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

"මේක අපි දකිනවා විශ්වවිද්‍යාල තුළ ගත්තත් අධ්‍යාපන ආයතන තුළ ගත්තත් ප්‍රධාන ඩිග්‍රිරි එකක් හෝ දෙකක් හැර ඉංජිනේරු සහ තාක්ෂණය යන ඒවා හැර අනෙකුත් සියලුම කේෂ්ත්‍රවල කාන්තා ප්‍රතිශතය විශාල වශයෙන් වැඩිවීම තුළ කාන්තාවන් විශාල පිරිසක් ශ්‍රම බළකාවට එකතුවෙන ප්‍රවණතාවයක්. මේ අසමතුලිතතාවය එනම් මේ කාන්තාවන් සහ පිරිමින් සමතුලිත නොවුණහොත් එකෙන් වෙන්න පුළුවන් බලපෑම් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රම බළකාවට සහ එහි ඵලදායිතාවයට මේක කොහොමද බලපාන්නේ කියලා බැලිය යුතුයි. පිරිමි අයටම සීමා වුණ රැකියා ගණනාවක් තියෙනවා. ඒ රැකියා කරන්න ප්‍රමාණයවත් පිරිමි ජන ගහණයක් ආවේ නැත්නම් අපි විශාල අර්බුදයකට යන්න පුළුවන්."

මේ සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවදානම් යොමුවිය යුතු බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා සඳහන් කළේය.

"කාන්තාවන්ට ප්‍රමාණවත් පිරිමි පුද්ගලයින් නැතු වුණොත් ඔවුන් එක තැනකදී විවාහ ගිවිස ගද්දි, ඔවුන් අර්බුදයකට යනවා. හේතුව තමා ඉන්දියාව වගේ ලස්සන හා ධනවත් කාන්තාවන්ට හැකියාවක් සහිත පසුබිම් තියෙන කාන්තාවන්ට පිරිමියෙක් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ග්‍රාමීය මට්ටමෙන් දුගී කාන්තාවන්ට පිරිමි පුද්ගලයෙක් හොයන එක අසීරු වෙන්න පුළුවන්. මේක කොහොමද රටට බලපාන්නේ, මේකට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද කියන එකට රජය විසඳුමක් ඉක්මනින්ම සෙවිය යුතුයි. මෙය පරම්පරා ගණනාවක් ඉදිරියට බලපෑව ද අද සිටම විසඳුමක් සෙවීම සුදුසුයි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight