සයුරෙන් එතෙර
ඉන්දීයාව සහ පාකිස්තානය අතර යුද්ධය ඇරඹෙයි
May 7, 2025 02:29 am
ඉන්දීය සන්නද්ධ හමුදා පකිස්තානයේ සහ පකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ ස්ථාන 09කට පහර දෙමින් "සින්දූර් මෙහෙයුම" දියත් කළ බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
පසුගිය අප්‍රේල් 22 වනදා සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කරන ලද පහල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය සන්නද්ධ හමුදා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.
කාශ්මීරයේ ත්‍රස්තවාදීන් වෙත එල්ල කළ නිරවද්‍ය ප්‍රහාර බව ඔවුන් පවසා ඇත.
ස්ථාන 9ක් ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.