header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු හෙළිවෙයි
Apr 24, 202508:09 PM
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු හෙළිවෙයි
Mobitel 1278

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබේ.

ඔහු පොලීසියට පවසා ඇත්තේ ඩෑන් ප්‍රියසාද් සමග දින කිහිපයකට පෙර හටගත් ගැටුමක් මත මෙම ඝාතනය සිදුකළ බවයි.

අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ කොන්ත්‍රාත් වෙඩික්කරුවන් විසින් වෙඩිතැබීම සිදුකළ බවද සැකකරු අනාවරණ කර ඇත.

ඩෑන් ප්‍රියසාද් සාලමුල්ල නිවාස සංකීර්ණයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඉකුත් 22වනදා වෙඩිතබා ඝාතනය කෙරුණි.

බරපතළ තුවාල සහිතව රෝහල්ගත කළ ඩෑන් ප්‍රියසාද් එහිදී ජීවිතක්ෂයට පත්විය.

ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා සහ ඔහුගේ පියාටයි.

ඔවුන් ඉකුත් 2022 වසරේ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේද ප්‍රධාන සැකකරුවන් දෙදෙනාය.

ඒ අනුව ඔවුන්ට අධිකරණයෙන් විදෙස්ගමන් තහනමක්ද පනවා තිබී ඇති අතර සැඟව සිටින ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ දක්වා පොලීසියට හැකිවී නොමැත.

එවන් පසුබිමක ඝාතනය සැලසුම් කළ බවට සැකකෙරෙන දුලාන් මධුසංඛ හෙවත් 'දුලා' නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැල්ලම්පිටියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමග අද (24) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සැකකාර පියපුතු දෙපළගේ සමීප ඥාතියෙකු වන අතර ඩෑන්ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවූවෙක්ය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මීට දින හතරකට පෙර තම ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඩෑන් එය නවත්වා තමන්ට සහ තවත් අයෙක්ට පහරදුන් බවයි.

පසුව ඒ පිළිබඳව තමන් කොළොන්නාවේ ධනුෂ්ක නැමැත්තාට පැවසීමේදී ඔහු "පොඩ්ඩක් හිටපන්, මම කංජිපානි ඉම්රාන් සම්බන්ධ කරලා දෙන්නම්" යනුවෙන් පවසා ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා කංජිපානි ඉම්රාන් සම්බන්ධ කරදුන් බවද ඔහු පවසා තිබේ.

එහිදී කංජිපානි ඉම්රාන් "වැල්ලම්පිටිය පොලිසියට ගිහින් උඹ පැමිණිල්ලක් දාපන්. පොලීසියට එද්දි ඌට ගහමු" යනුවෙන් උපදෙස් දී ඇත.

එම උපදෙස් අනුව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.

අනතුරුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඩෑන් ප්‍රියසාද්ට පසුගිය 22වනදා එනම් ඝාතනය වූ දින වැල්ලම්පිටිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දුන්නද ඔහු එහි නොපැමිණීම හේතුවෙන් ඝාතන උත්සාහය ව්‍යාර්ථ වී ඇත.

අනතුරුව කංජිපානි ඉම්රාන් නැවතත් තමාට දුරකථන ඇමතුමක් ලබාදී "අරූට ගහන්න එකෙක් මදි. උඹ වරෙන්. ඌ හවස සෙට්වෙනවා" යනුවෙන් පවසා තිබෙනවා.

පසුව සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සැකකරු මෙතෙක් නිසිලෙස පවසා නොමැති බව වාර්තා වේ.

කංජිපානි ඉම්රාන් දිවයිනට ගෙන්වන ලෙසට විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කිරීම සහ ඔහුට එරෙහිව අදහස් පලකිරීම හේතුවෙන් කංජිපානි, ඩෑන් ප්‍රියසාද් සමග වෛරයෙන් පසුවීම හේතුවෙන් ඝාතනය සඳහා ඔහු විසින් වෙඩික්කරුවන් ලබාදී ඇති බවට සැක කරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක්වූයේ එදිනම පස්වරුවේ සිය බිරිඳගේ මහගෙදරට පැමිණ මත්පැන් සාදයක් පවත්වමින් සිටියදීය.

ඒ අනුව පොලිසිය අදාළ නිවසේ පදිංචි කාන්තාවක වන ඩෑන් ප්‍රියසාද්ගේ බිරියගේ සොයුරියකගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.

එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ට අයත් යතුරුපැදියක් එදින ඩෑන් ප්‍රියසාද් මැදිහත්වී විකුණාදීම නිමිත්තෙන් සිය නිවසේ මත්පැන් සාදයක් පැවැත්වූ බවයි.

ඝාතනයට ලක්වීමට පැය 3කට පමණ පෙර එහි පැමිණි ඩෑන්,පවුලේ අය සමග පැමිණෙන බව පවසා පිටව ගිය බවත්,අනතුරුව රාත්‍රියේ යළි පැමිණි බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ඩෑන් ප්‍රියසාද්ගේ දේහය අද (24) බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණභාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

Lassana Flora
Spotlight
බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්