නෙවිල් සිල්වාට ඇප

නෙවිල් සිල්වාට ඇප

April 24, 2025   04:42 pm

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඇප මත මුදා හැර ඇත.

ඊට අමතරව ඒ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව නෙවිල් සිල්වා මහතා අද (24) අධිකරණයට භාරවිය.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

නෙවිල් සිල්වා එම නඩුවේ 9වන සැකකරුය.