කටානේ වෙඩි තැබීමක් - අයෙක් මරුට

කටානේ වෙඩි තැබීමක් - අයෙක් මරුට

April 22, 2025   08:27 pm

කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තාවී තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර තිබෙන අතර ඔහු සතුව තිබූ ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවිය බලපත්‍ර සහිත ගිනිඅවියක් බවද පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇත.

වෙඩිතැබූ ව්‍යාපාරිකයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.