සූර්ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
April 16, 2025 11:07 am
ලංකා විදුලිබල මණ්ඩලය විසින් වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ අද (16) සිට කෙටි පණිවුඩයක් (SMS) ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3 දක්වා සූර්ය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බවය.
පසුගිය අභියෝගාත්මක දින කිහිපය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ලංකා විදුලිබල මණ්ඩලය ස්තූතිය පිරිනමන බවද එහි තවදුරටත් දැක්වෙයි.