header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
විදුලි ඉල්ලුම අඩු නිසා නොරොච්චෝලේ ජනන යන්ත්‍රයකත් වැඩ නවතලා
Apr 16, 202510:40 AM
විදුලි ඉල්ලුම අඩු නිසා නොරොච්චෝලේ ජනන යන්ත්‍රයකත් වැඩ නවතලා
Mobitel 1278

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසා සිටියේ, අප්‍රේල් 11 වනදා සිට එම පියවර ගත් බවය.

නැප්තා භාවිතා කරන කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12වන දින පෙරවරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් පුමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ අතර උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය සිය මෙහෙයුම් පිළිබඳ සාරංශයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කළ බව එහි සඳහන් වේ.

ඕනෑම අවස්ථාවක විදුලි නිෂ්පාදනය සහ පරිභෝජනය අනුරෑප ලෙස සමාන විය යුතු බව පෙන්වා දෙන එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ විදුලිය වැඩි වශයෙන් භාවිත නොවන අවස්ථාවකදී විදුලි නිෂ්පාදනයද අඩු කළ යුතු බවය.

එමෙන්ම ඉරිදා සහ ජාතික නිවාඩු දිනවල පවා විදුලි ඉල්ලුමේ අඩුවක් ඇති වන බැවින් එම දිනවල පවා විදුලි සැපයුම අඩු කළ යුතු බවත් එම මණ්ඩලය මෙම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව අප්‍රේල් මස 10 වන දින සිට මෙරට විදුලි ඉල්ලුම ඉතා අවම මට්ටමක පැවති අතර කිලෝවෝට් 100ට වැඩි වහලය මත ස්ථාපිත කර ඇති සියලු සුර්ය පැනල වල සැපයුම් තාවකාලිකව විසන්ධි කිරීමට පියවර ගත් බව ලංකා විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

විදුලි ඉල්ලුම තවදුරටත් පහළ යාම හේතුවෙන් වහළ මත සුර්ය බලශක්ති ඒකක හිමිකරුවන්ට ද දිවා කාලයේ දී සුර්ය පැනල ක්‍රියාකාරීත්වය නතර කරන ලෙස අප්‍රේල් මස 13වන දින දැනුම් දීමක් සිදුකළ අතර පද්ධතියේ ස්ථායිතාව පවත්වාගැනීමට එය විශාල පිටුවහළක් වු බවද එම මණ්ඩලය සඳහන් කර තිබේ

එම නිසා විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු විදුලි බල මණ්ඩලය සිදුකරන දැනුම් දීම්වලට අනුව වහල මත සුර්ය බල ශක්තිය ඇති සියලු හිමිකරුවන් පස්වරු 03 දක්වා ඔවුන්ගේ ඒකක වසා දමා අඛණ්ඩව සහය ලබා දෙන ලෙසද විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට