header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
දේශබන්දු සැඟව සිටි කාලයේ භාවිත කළ දුරකථනය ගැන විමර්ශන
Mar 20, 202509:01 PM
දේශබන්දු සැඟව සිටි කාලයේ භාවිත කළ දුරකථනය ගැන විමර්ශන
Mobitel 1278

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (20) නියෝග කළේය.

ඒ අනුව සැකකරු ආරක්ෂක හේතූන් මත දුම්බර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

2023 දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගමදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවය අත්හිටුවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඒ අනුව සැකකාර තෙන්නකෝන් මහතාව අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස බන්ධනාගාරගත කෙරුණි.

දෑත්වලට මාංචු සහිතව අධිකරණ ශාලාවට රැගෙනවිත් තිබූ දේශබන්දු තෙන්නකෝන් මහතාව වෙනත් සිරකරුවන් රඳවා නොමැති අධිකරණ සිරමැදිරියක රඳවා තිබුණි.

එහිදී අනතුරුව මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා පිටු 12කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා වන්නේ,

"මාතර W15 හෝටලයට ගිනි අවියකින් වෙඩිතබා අනර්ථයක් සිදුකිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පොලිස් නිලධාරින් 08ක් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස යොදා ගැනීමෙන් දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදක් සිදු කිරීම."

"රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික අභිමතාර්ථයක් ලෙස සාපරාධී බියගැන්වීම සඳහා පොලිස් නිලධාරින් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කිරීම සහ බොරු සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා 09ක්."

"මෙම නඩුකරයට අදාළව තීරණාත්මක විමර්ශන ක්‍රියාවලියක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බැවින් ද සැකකරු අධිකරණ නියෝගය පැහැර හැරීම තුළ විමර්ශන පියවර සම්පූර්ණ කිරීමට පැමිණිල්ලට හැකියාව ලැබී නොමැති බැවින් ද සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද ඇප අයැදීම ප්‍රතික්ෂේප කරනවා."

මෙහිදී ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන්ද නියෝග කිහිපයක් නිකුත් කෙරුණි.

මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා,

"මෙම සැකකරු බන්ධනාගාරගත කර සිටියදී සහ ප්‍රවාහනය කිරීමේදී ආරක්ෂාවක් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස මාතර බන්ධනාගාර අධිකාරිවරයාට මා නියෝග කරනවා."

"සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතුයි."

"සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු නෛතික පියවර ගැනීමට අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි."

මහෙස්ත්‍රාත්වරයාගේ එම නියෝග ලබාදීම අවසානයේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ද අධිකරණයෙන් නියෝග කිහිපයක් ඉල්ලා සිටියේය.

"ස්වාමිනි, සැකකාර දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට විමර්ශන නිලධාරින්ට අවසර ඉල්ලා සිටිනවා."

"සැකකරුගේ නිවසේ තිබී හමුවූ දුරකථන 02ත්, ඔහු සැඟව සිටී දින 20 තුළ භාවිත කළ දුරකථනයත් විමර්ශන සඳහා එම නිලධාරින්ට භාරදීමට නියෝග කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

ඉල්ලීම් සඳහා මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන් අතර ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යළි අධිකරණය හමුවේ කෙටි දේශනයක් සිදු කළේය.

"ස්වාමිනි, මෙතනින් එහාට අපරාධ කරලා බලය පෙන්වලා සැඟව සිටින්නන් ප්‍රවේශම් වියයුතුයි."

"ස්වාමිනි, මෙම නඩුවට මම සම්බන්ධ වුණේ මේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් පමණයි. මම ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා... මෙම නඩුවට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන්න කියලා. නැතිනම් හැමදාම වෙන්නේ මෙවැනි නඩුවලට කල්මරලා යුක්තිය අපගමනය වීම. සමහරු බලාගෙන ඉන්නවා... කල්මරලා යුක්තිය අපගමනය වනතුරු. මේ නඩුවේ අනිත් සැකකරුවන් 06 දෙනා මෝසමක් මගින් හෙට අධිකරණයට භාරවෙනවා කියලා දැනුම් දී තිබෙනවා. එවිට මේ සිද්ධියට අදාළව ඔබතුමා නම්කළ සැකකරුවන් සම්පූර්ණ වෙනවා. නමුත් මම මේ මොහොතේ යම් දෙයක් කියන්න කැමතියි. මේ ප්‍රධාන සැකකරු වන දේශබන්දු නැමැත්තාට උඩින් යම් දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් ඉන්නවා නම් ඒ පිළිබඳ විමර්ශන කරලා වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. එවිටයි යුක්තිය ඉටුවන්නේ. අද අධිකරණ ශාලාවට රොක්වෙලා ඉන්න ASPලා, DIGලා වගේ නිලධාරීන්ට මම කියන්න කැමතියි මීඩියා ඉදිරියේ පෙනී සිටින්න වැඩ නොකර යුක්තිය වෙනුවෙන් වැඩ කරන්න කියලා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට