
වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
අද (13) රාත්‍රී 9ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි.
පොලීසිය සඳහන් කළේ වැලිවේරිය පොලිස් වසමේ ඇඹරළුව මාර්ගයේ අරලියගස්දෙක හන්දිය ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
මෙලෙස වෙඩික්කරුගේ ඉලක්කය වී ඇත්තේ 26 හැවිරිදි උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලිසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් 03ක් විමර්ශන සිදුකරයි.



















































