
පිලිපීනය ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් බව චීනය පිළිගත යුතු බව පිලිපීනය පවසයි.
පිලිපීන විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පිලිපීනයේ තීරණ සම්පූර්ණයෙන්ම ජාතික අවශ්‍යතා මත පදනම් වන අතර අනෙකුත් රටවල මඟපෙන්වීම මත සිදුනොවන බවය.
ඒ අනුව චීනය ජාත්‍යන්තර නීතියට අවනත වියයුතු බවද පිලිපීනය පවසයි.
චීනයේ ආක්‍රමණශීලී හැසිරීම් පිලිපීන ප්‍රජාවන්ට බලපා ඇති ආකාරය දෙරට අතර ගැටළුවලට හේතුවක් බවද එම අමාත්‍යංශය පෙන්වාදී තිබේ.
පිලිපීන විදේශ අමාත්‍යාංශය අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ පිලිපීනය බාහිර බලවේග විසින් මෙහෙයවන බවට චීනයේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ය.



















































