බංග්ලාදේශය ගැන ඉන්දියාව කනස්සල්ලෙන්
සයුරෙන් එතෙර

බංග්ලාදේශය ගැන ඉන්දියාව කනස්සල්ලෙන්

March 8, 2025   09:09 am

බංග්ලාදේශය ඇතැම් අන්තවාදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කරයි.

ඉන්දියාව පවසන්නේ හින්දු සහ අනෙකුත් සුළු ජාතීන් ආරක්ෂා කිරීම බංග්ලාදේශ අන්තර්වාර රජයේ වගකීම බවය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසා ඇත්තේ, බරපතළ අපරාධ සඳහා දඬුවම් නියම වූ ප්‍රචණ්ඩ අන්තවාදීන් නිදහස් කිරීම නිසා නීතිය හා සාමය පිරිහීම තවදුරටත් උග්‍රවීම ගැන
ඉන්දියාව කනස්සල්ලට පත්වී සිටින බවය.

ආරක්ෂක තත්ත්වය බංග්ලාදේශය සමඟ සංවර්ධන කටයුතු සඳහා සහයෝගීතාවයට බලපා ඇති බවද ඔහු පවසයි.

හින්දු සහ අනෙකුත් සුළු ජාතීන් මෙන්ම ඔවුන්ගේ දේපළ සහ ආගමික ස්ථාන ආරක්ෂා කිරීම අන්තර්වාර ආණ්ඩුවේ වගකීම බව ඉන්දියාව නැවත නැවතත් අවධාරණය කරයි.