නවම් පුර පසළොස්වක පොහොය අදයි
February 12, 2025 06:39 am
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
මේ අතර fm දෙරණ අසපුව නවම් පොහොය සජීව විකාශය අද දවස පුරා නෙළුව ශ්‍රී ධර්මපාල විහාරස්ථානයේ දී පැවැත්වේ.
122 වන වරට පැවැත්වෙන අසපුව පොහොය වැඩසටහනේ දී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් සජීව ලෙස fm දෙරණ ඔස්සේ ඉදිරිපත් කිරීමට නියමිතය.