
තායිවානයේ සිට කිලෝමීටර් 750ක් දුරින් පිහිටි ඔකිනාවා කෙරෙහි ද චීනයේ ඇස යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තායිවානය වෙත ආක්‍රමණයක් සිදු කිරීමට චිනය සූදානම් වන බවට ජාත්‍යන්තරය තුළ බිය පළවෙමින් පවතින පසුබිමක් තුළ චීනය හොර රහසේ ජපානයට ද මැදිහත් වීමේ උත්සහයක් සම්බන්ධයෙන් මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා පළ කරයි.
ඒ අනුව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය රහසිගතව ජපානයට අයත් දූපතක පාලනය ලබා ගැනීමට උත්සාහ කරන බවටය.
ඔකිනාවා හි මේ වනවිටත් සැලකිය යුතු පරිදි අමෙරිකානු හමුදා භටයින් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද පැවසෙයි.



















































