පළාත් පාලන ඡන්ද විමසීම ගැන ඉඟියක්
January 25, 2025 07:44 pm
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන අප්‍රේල් මාසය තුළ පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු ඡන්ද විමසීම පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ හැකියාව පවතින බව ඔහු පවසයි.
මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සමන් ශ්‍රී රත්නායක මහතා එ බව කියා සිටියේය.
මේ අතර මැතිවරණ සම්බන්ධ සිද්ධීන් විභාග කිරීම සඳහා වෙන මම අධිකරණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.