පාසල් සිසු ආරවුලක් විසඳීමට STF කැඳවයි
January 23, 2025 05:24 pm
පාසල් සිසුන් විවිධ කාණ්ඩවලට බෙඳී හොරණ නගරයේදී දින කිහිපයක ඇතිකරගෙන තිබෙන ආරවුලක් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය අද (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත පැමිණ සිසුන් අතර ඇතිව තිබූ එම තත්ත්වය පාලනය කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ නිල ඇඳුමින් පාසල නිමවී නගරය පැමිණෙන සිසුන්, නගරය තුළදී පාට ඇඳුමින් සැරසී සෙසු සිසුන් අතරට පැමිණ පහර දෙන බවයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (22) ඇති වූ ගැටුමක් අතරතුරදී වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර, ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.