header logo
SLIC
උණුසුම් පුවත්
Little Hearts නාමය අවභාවිත කරමින් දහස් ගණනින් මුදල් කොල්ලකෑමේ ජාවාරමක්
Jan 14, 202508:58 PM
Little Hearts නාමය අවභාවිත කරමින් දහස් ගණනින් මුදල් කොල්ලකෑමේ ජාවාරමක්
EDEX

දහස් ගණනක් හදවත් රෝගී දරුවන්ට නිරෝගී අනාගතයක් උරුමකරදීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, දෙරණ මාධ්‍ය ජාලය සමඟ එක්ව ආරම්භ කළ Little Hearts ව්‍යාපෘතියේ නම අවභාවිත කරමින් ජනතාවගෙන් මුදල් කොල්ලකෑමේ ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

Little Hearts ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ වන්නේ සිය පළමු උපන් දිනයවත් සැමරීමට නොහැකිව මෙලොව හැරයාමට සිදුවන මෙරට හදවත් රෝගී දරුවන් දහස් ගණනකට ජීවය ලබාදීමේ අරමුණිනි.

එදා පටන් Little Heart ව්‍යාපෘතිය ජනතාවගේ මුදල් පරිත්‍යාගයන් ඉතාමත් විනිවිද භාවයෙන් යොදා ගනිමින් මෙරට හදවත් රෝගි දරුවන්ට පිහිට වන්නේ ජනතාවගේ විශ්වාසයට උපරිම සාධාරණයක් ඉටුකරමිනි.

නමුත් එවන් පසුබිමක Little Heart ව්‍යාපෘතියේ නම අවභාවිත කරමින්, ව්‍යාජ ගිණුම් අංක ද යොදාගනිමින් ජනතාවගෙන් මුදල් ලබාගන්නා කූට ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

මෙම ජාවාරම්කරුවන් ජනතාව නොමඟ යැවීම සඳහා යොදාගෙන ඇත්තේ සැබෑ ලාංඡනයට සමාන ව්‍යාජ ලාංඡනයයි.

ලාංඡන දෙකෙහි වෙනස එක්වරම ග්‍රහණය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල පිරිසක් මේවන විටත් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතු වී සිටියි.

ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාජ Little Heart ලාංඡනය යොදාගනිමින් විවිධ වැඩසටහන් ප්‍රවර්ධනය කර තිබුණේ එම වැඩසටහන් මගින් එකතුවන මුදල් Little Heart ව්‍යාපෘතිය හරහා සමාජ සත්කාර සඳහා යොදාගන්නා බව පවසමිනි.

ජාවාරම්කරුවන් - "අපි ගාව තියෙනවා ප්‍රදර්ශන සැණකෙළි. ඔයාලා ප්‍රදර්ශන කුටි වෙන්කරගන්න සල්ලි ගෙවන්න. 40, 000 එක කුටියක්."

Little Heart නම හේතුවෙන් කිසිදු තැකීමකින් තොරව, දෙවරක් නොසිතාම ජනතාව එම වැඩසටහන් සඳහා මුදල් ලබාදී තිබුණි

කෙසේවෙතත් මුදල් ලබාදුන් පිරිසට අද අත්ව ඇති ඉරණමයි මේ.

"ජාවාරමට හසුවූ පුද්ගලයින් ( Little Heart කියලා රැවටිලා සල්ලි දැම්මා. ඒ festival තිබ්බෙත් නැහැ"

ජාවාරම්කරුවන් විසින් විවිධ වැඩසටහන් සඳහා ලබාදී තිබූ දුරකථන අංකද මුදල් බැර කිරීමෙන් පසු විසන්ධි කර ඇති අතර අද වන තුරුත් එම දුරකථන අංක හරහා කිසිදු සංවිධායකයෙක්ව සම්බන්ධ කරගැනීමට නොහැකි වී තිබේ.

එහිදී මුදල් බැර කිරීම සඳහා ජාවාරම්කරුවන් ලබාදී තිබූ ගිණුම් අංක පරීක්ෂා කළ උකුස්සාට තහවුරු වූයේ එම ගිණුම් අංක Little Heart ව්‍යාපෘතියට අදාළ ගිණුම් අංක නොවන බවය.

මෙම ජාවාරම්කරුවන් තවමත් නිදැල්ලේ සැරිසරන අතර මොවුන්ගේ ඊළඟ ඉලක්කය ඔබ විය හැකියි.

එමනිසා අද දෙරණ උකුස්සා ඔබට සිහිපත් කර සිටින්නේ Little Heart ව්‍යාපෘතිය සඳහා මුදල් බැරකළ හැක්කේ පහත සඳහන් ගිණුම් අංකවලට පමණක්ම බවයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6CLAQQfiU4eeBopTs0sQ8v4ELPNOHWLNQcWsloD5X3L7FNsoK1jyiNs4jeAFWo5hmowif1EqzGA8dFhwKs65Cp_bZhZkhnPlrAb3fgzfPJ1nb36vvSuijJK6DjFydYfmcxoU4kzE_x3hvJYURH4jgwAOzgOC_HLDWkfglSmfskj73Q98mYEhX6_6z2Lum/s1600/litil-hart.jpg

රටට වැඩදායි ව්‍යාපෘති මෙලෙස අවභාවිත කරමින් ජනතාවගේ මුදල් වංචාකරන මෙවැනි ජාවාරම්කරුවන් කෙරේ පොලිස් ඇස යොමු වී ඔවුන්ට නීතිය ක්‍රියාත්මකවන තුරු අද දෙරණ උකුස්සා සීරුවෙන්.

https://youtu.be/9ln-5B7RELw
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට