header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා - ආචාර්ය මන්මෝහන් සිං
Dec 27, 202401:08 PM
ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා - ආචාර්ය මන්මෝහන් සිං
Mobitel 1278

ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං, වත්මන් පාකිස්තානයට අයත් එවක නොබෙදුණු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හුදෙකලා ගම්මානයක 1932 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා උපත ලැබීය.

අධ්‍යාපනයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ මන්මෝහන් සිං, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය අවසන් කළේය.

ඉන් අනතුරුව හෙතෙම බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි අවස්ථාව දිනාගැනීමට සමත් විය.

එහිදී ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය අවසන් කළ ඔහුගේ අවසන් නිබන්ධනයේ තේමාව වී තිබුණේ අපනයන සහ නිදහස් වෙළඳාම මත පදනම් කරගත් ඉන්දීය ආර්ථිකය යන්නයි.

ඒ අනුව යළි ඉන්දියාවට පැමිණි මන්මෝහන් සිං, ආර්ථික විශේෂඥයෙක් ලෙස ඉන්දීය මහ බැංකු අධිපති ලෙස කටයුතු කළේය.

එමෙන්ම ඉන්දීය රජයේ ආර්ථික උපදේශකවරයෙක් ලෙස ද දේශීය ආර්ථිකය නඟාසිටුවීම සඳහා සිය දායකත්වය ලබා දුන්නේය.

ඔහු සක්‍රීය දේශපාලනයට පිවිසියේ එවක ඉන්දීය කොංග්‍රස් රජයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස 1991 දී ලද පත්වීමෙන් අනතුරුවය.

එතැන් සිට 96 වසර දක්වා අමාත්‍ය ධුරය හොබවමින්, එකළ ඉන්දියාව මුහුණදෙමින් සිටි බරපතළ ගෙවුම් ශේෂ අර්බුදය විසඳීමට දායක විය.

එමෙන්ම නියාමන සහ අනෙකුත් ක්‍රියාමාර්ග හඳුන්වාදෙමින්, ඉන්දියාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට ඔහු ගත් පියවර අදටත් වලංගුය.

ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා ලෙස මන්මෝහන් සිං හඳුන්වනු ලබන්නේ ද ඒ හේතුවෙන්ය.

2004 වසරේ පැවති මහ මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රසය ජයගත් නමුත්, පක්ෂ නායිකාව ලෙස කටයුතු කළ සෝනියා ගාන්ධි ඉතාලි ජාතිකයෙකු බැවින් අගමැති ධුරය ප්‍රතික්ෂේප කළාය.

ඒ හේතුවෙන් මන්මෝහන් සිං අගමැති ධුරයට පත් කළේය.

2004 - 2014 අතර අඛණ්ඩව දෙවරක් අගමැති ධුරය දැරූ මන්මෝහන් සිං ප්‍රකටව ඇත්තේ යහපත් නමුත් මෘදු නායකයෙක් ලෙසය.

කෙසේ නමුත් රට න්‍යෂ්ටික හුදකලා තත්ත්වයෙන් මුදාගෙන අමෙරිකානු න්‍යෂ්ටික තාක්ෂණය රටට ලඟා කරදීම වැනි විශිෂ්ට කාර්යන් ඉටුකිරීමේ ලා ඔහුගේ නම එරට ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබේ.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කරමින් මෙරට සංවර්ධන කාර්යයන් සඳහා ද සුවිශේෂී දායකත්වය දැක්වූ ප්‍රබල රාජ්‍ය නායකයෙක්ය.

ඉන්දියාව බංකොලොත්භාවයෙන් මුදාගත් නායකයා ලෙස ප්‍රකට මන්මෝහන් සිං ඊයේ (26) රාත්‍රියේ නවදිල්ලි රෝහලකදී අභාවප්‍රාප්ත විය.

ඔහුගේ අභාවය වෙනුවෙන් ඉන්දියාව තුළ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

වැඩිම කාලයක් ඉන්දීය අගමැති ධුරය දැරූ නායකයෙක් වන මන්මෝහන් සිං මහතාට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද හිටපු අගමැතිවරයාගේ නිවසට ගොස් දේහයට අවසන් ගෞරව පුද කළේය.

මේ අතර ශ්‍රී ලංකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද 'X' පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ, මන්මෝහන් සිං යනු ඉන්දියාව නව යුගයක් කරා ගෙනගිය, දූරදර්ශී ආර්ථික විද්‍යාඥයා සහ ඉන්දියාවේ ආර්ථික ලිබරල්කරණයේ නිර්මාතෘවරයා බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද 'X' පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, මන්මෝහන් සිං ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉන්දියාව පරිවර්තනයට ලක්කළ බවත්, කලාපය ප්‍රබෝධමත් කළ නායකයා ඔහු බවත්ය.

අභාවප්‍රාප්ත මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ පැවැත්වීමට නියමිතව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ