
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් වොෂින්ටන් ඩීසී හිදී අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක හමුවී තිබේ.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ, එම හමුවේදී ඉන්දීය-එක්සත් ජනපද උපායමාර්ගික හවුල්කාරිත්වයේ ප්‍රගතිය පිළිබඳව පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වූ බවය.
එමෙන්ම වත්මන් කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
ජයශංකර් දෙසැම්බර් 24 සිට දෙසැම්බර් 29 දක්වා අමෙරිකාවේ සංචාරයක නිරතවී සිටින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
















































