
චීනයේ මහජන විමුක්ති හමුදාව තායිවානය සමග බලහත්කාරයෙන් ඒකාබද්ධ කිරීමේ හදිසි අවස්ථාවක් සඳහා සූදානම් වෙමින් සිටින බව අමෙරිකාව වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික වාර්තාවක් මගින් ඒ බව අනාවරණ කර ඇති බවය.
චීනය 2023දී තායිවානය මත හමුදා පීඩනය වැඩි කර ඇති අතර වෙනත් පියවර රැසක් ද අනුගමනය කර ඇතැයි එහි දැක්වෙයි.



















































