header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
අනවශ්‍ය භාවිතයෙන් ජීවිත අනතුරේ හෙළන ප්‍රතිජීවක
Dec 09, 202412:44 PM
අනවශ්‍ය භාවිතයෙන් ජීවිත අනතුරේ හෙළන ප්‍රතිජීවක
Mobitel 1278

ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස සහ වැරදි ලෙස භාවිතය හේතුවෙන් එම ඖෂධවලට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිරෝධතාවයක් ගොඩ නැගීම මිනිසාට අහිතකර බව වෛද්‍ය විශේෂඥයින් පවසයි.

අද දෙරණ "Big Focus" වැඩසටහන සමග එක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැලැක්වීමේ ජාතික කේන්ද්‍රස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා), වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ඒ සම්බන්ධයෙන් විස්තර කළේ මෙසේය.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය යනු..."ඇත්තටම අපි කතා කරන්නේ ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව අපි භාවිත කරන ඖෂධ වලට එන ප්‍රතිරෝධය ගැන. ක්ෂුද්‍ර ජීවීන් කිව්වහම වර්ග ප්‍රධාන 4ක් තිබෙනවා. බැක්ටීරියා, වෛරස, දිලීර සහ පරපෝෂිත. මෙන්න මේ ක්ෂුද්‍රජීවින්ට එරෙහිව නිෂ්පාදනය කරලා තියෙන ඖෂධ වලට කියන්නේ ප්‍රතිජීවක කියලා. මෙන්න මේ ප්‍රතිජීවක කියන ඖෂධ අනවශ්‍ය ලෙස භාවිතය සහ වැරදි ලෙස භාවිතය නිසා මේ ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධතාවයක් ගොඩ නැගෙනවා. ඒ කියන්නේ ඒ ඖෂධවල බලය නැති වෙනවා. එවිට හානිය වැඩියි."

ලොව පළමුවෙන්ම සොයාගත් ප්‍රතිජීවක ඖෂධය වන්නේ පෙනිසිලින් ය. ඒ 1928 දීය. එම ඖෂධය භාවිතයට ගෙන ඇත්තේ 1944 වසරේ සිට ය.

එතැන් සිට 1980 දක්වා විවිධ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කෙරිණි.

නමුත් එතැන් සිට ප්‍රතිජීවක නිෂ්පාදනය ඉතාමත් අඩුවී ඇති බව වෛද්‍ය විශේෂඥයින් පවසයි.

එයට ප්‍රධානම හේතුව අධික වැය බරයි.

2017 සිට 2023 දක්වා කාලය තුළ නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ වර්ග 10ක් පමණි.

ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී, විශේෂඥ වෛද්‍ය සුජාතා පතිරගේ මහත්මිය පවසන්නේ, "මේ ප්‍රතිජීවක භාවිතය නිසා ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධයක් මෙම බැක්ටීරියා විසින් හදාගෙන තිබෙනවා. එක පැත්තකින් අපිට ප්‍රතිජීවක ඖෂධ නැතිවෙමින් යනවා. අලුත් ඒවා එන්නේ නැහැ. ඒ අතරේ තිබෙන ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධය වැඩිවෙලා."

වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පෙන්වා දෙන්නේ ප්‍රතිජීවක ඖෂධ වැරදි ලෙස භාවිතය අවම කිරීමට වෛද්‍යවරුන්ට ද වගකීමක් ඇති බවයි....

"ලෙඩරෝග ජාතියක් එනවා සත්ත්වයාට, මිනිසාට සහ ශාකවලට. මේ සෑම රෝගයකට ම බෙහෙත් ගන්න අවශ්‍ය නෑ. ප්‍රතිකාර වර්ග ගොඩක් තියෙනවා. ඒකනිසා තමයි වෛද්‍යමය ප්‍රතිකාරය තුළ වෙදකම හෙදකම වගේ වචන පාවිච්චි වෙන්නේ. කීමෝතෙරපි - මේ ඖෂධ කියන්නේ කීමෝතෙරපි. ආහාර - ෆුඩ් තෙරපි. ස්පෝර්ට්ස් තෙරපි විවිධ තෙරපි තියෙනවා. ඖෂධ කියන්නේ ලෙඩ හොඳ කරන එකම දේ නොවෙයි. ඖෂධයකට මාත්‍රාවක් තියෙනවා. ඒ සඳහා වාර ගණනක් තියෙනවා. කාලයක් තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ නියමිත මාත්‍රාව නියමිත වෙලාවට නියම විදියට ගන්නේ නැතිව අපේ ගොඩ දෙනෙක් හොයන්නේ ඉක්මනින් හොඳ කර ගන්න. ඉක්මන් කොටයි. ලෙඩකට ප්‍රතිකාර කළ යුත්තේ "evidence based". ගොඩක් වෙලාවට ජනතාවට ඕනේ එකපාර ලෙඩ හොඳ කරගන්න. "මහත්තයෝ මට අමාරුයි කරල් ටිකක් දෙන්න.." කිව්වා පළියට වෛද්‍යවරයා බෙහෙත් ලියන්න සුදුසු නෑ. ඒ වගේම රෝගියා දැනගන්න ඕනේ මෙම බෙහෙත නිසා මගේ ශරීරයේ මොළයට හානි වෙයිද, හෘද වස්තුවට හානි වෙයිද, වකුගඩුවට හානි වෙයිද අක්මාවට හානිවෙයිද කියලා."

https://www.youtube.com/watch?v=Voe3KBuaEnw
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

 කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

 කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

 අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

'22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු