header logo
SLIC
විශේෂාංග
රිදියගම හැඩකරන ඩෝරා සහ ලාරාගේ සිංහ පැටව්
Dec 07, 202412:19 PM
රිදියගම හැඩකරන ඩෝරා සහ ලාරාගේ සිංහ පැටව්
EDEX

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ.

ඒ එම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු පැටව් තුන් දෙනා බැගින් බිහි කිරීමත් සමග.

මෙලෙස පැවව් බිහිකර ඇත්තේ ලාරා සිංහ සහ ඇගේ දියණිය ඩෝරා වන අතර, පැටව්න්ගේ වයස මසකට වැඩි බව සෆාරි උදානයේ නිලධාරින් පවසයි.

ඩෝරා යනු මීට වසර කිහිපයකට පෙර ලාරා විසින් බිහිකළ පැටවියකි.

කෙසේ වෙතත් ලාරා සිංහ ධේනුව ඩෝරාට කිරිදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ හේතුවෙන් සත්ත්ව උද්‍යානයේ නිලධාරීට ඇයට කෘතිමව කිරි ලබා දී රැකබලා ගැනීමට සිදුවිය.

එහෙත් ඩෝරා ධේනුව, ලාරා මෙන් සිය පැටව්ට කිරි ලබාදීම ප්‍රතික්ෂේප නොකර පැටව් රැකගැනීම විශේෂත්වයක්ය.

මේ වනවිට මෙම සිංහ පැටවුන් 6 දෙනා සෆාරී උද්‍යානය තුළ ඉතා සෞඛ්‍ය සම්පන්නව කල් ගෙවන අතර, ඉදිරි සති කිහිපයේදී මහජන ප්‍රදර්ශනය සඳහා වෙනම කලාපයකට මුදාහරින බව ද සෆාරි උදානයේ නිලධාරියෙකු පැවසීය.

https://youtu.be/27rYWE9desg
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට