header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කළ සුගත් වසන්ත ද සිල්වා
Nov 18, 202401:57 PM
පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කළ සුගත් වසන්ත ද සිල්වා
Mobitel 1278

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබන්නේ, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතාය.

මෙවර මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිව ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

බලපිටිය, ගොඩගෙදර ප්‍රදේශයේ 1967 ජූලි 26 වන දා උපත ලැබූ ඒ මහතා මේ වනවිට 57 හැවිරිදි වියේ පසුවේ.

පස්වන ශ්‍රේණියේ දී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගොස් පන්දුවක් ඇහේ වැදීමෙන් පහු පසුකාලීනව දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්ව තිබේ.

මෙම අනතුරට පත්වීමෙන් පසුව සුගත් මහතා සම්පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්ව ඇති අතර, ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා රත්මලානේ අන්ධ විද්‍යාලයට ඇතුළත් කෙරුණි.

"මට එතැනට ගියාම හරි අපූරු දෙයක් සිදුවෙනවා...මේ දෘෂ්‍යාබාධිත දේ කියන එක මට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මම වගේම අය එතැන ඉගෙන ගන්නවා. එතැන හරිම අපූරු ලෝකයක්. එතැන ගුරුවරු හා පාලිකාවන් හරිම දයාබරයි. මේ සියලුදෙනාගේ මඟ පෙන්වීම යටතේ මම සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඊට පස්සේ මම සාමාන්‍ය පාසලකට යනවා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට උසස් පෙළ සඳහා. මම උසස් පෙළ කරන්නේ කලා විෂයන්. සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය, ආර්ථික විද්‍යාව. දේශපාලන විද්‍යාව බාහිරින් තිබුණේ. ධර්මාශෝකයේ හිටිය හැමෝම මට හරිම ලෙන්ගතුව කටයුතු කළා. ඒක හරිම ලස්සන හැඟීමක්. මට බේල් පරිවර්තනය කරන්න ආපු ගුරුවරුයා. මේ ජයග්‍රාහි මොහොතෙත් ඔහුව මතක් කරනවා...කොහොම හරි මම උසස්පෙළින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා 1990 දී. මම මුලින්ම සිංහල, දේශපාලන විද්‍යාව හා ඉතිහාසය. විශේෂවේදී උපාධියකට යන්න පුළුවන් විදියට විෂයන් තුනම පාස් වුණත් මම තෝරාගන්නේ ඉතිහාසය..."

ඉන් අනතුරුව ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වන සුගත් වසන්ත ද සිල්වා මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ ටික කාලයක් සේවය කරයි.

පසුව සමාජ සේවා අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලෙස වසර 25ක දීර්ඝ සේවා කාලයකින් අනතුරුව සුගත් වසන්ත ද සිල්වා මහතා මහ මැතිවරණයට මුහුණදීමේ අපේක්ෂාවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වේ.

උසස් පෙළ අධ්‍යාපන කටයුතු සිදුකරන ගමන් ජනතා විමුක්ති පෙරුමුණ සමග දේශපාලන ගමන ද ආරම්භ කරන සුගත් වසන්ත මහතා මේ වනවිට සිය දේශපාලන දිවියට වසර 40ක් සම්පූර්ණ කර තිබේ.

තමාට හිමිවූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා,

"මේ පදනම මත ඉදගෙන තමයි ජාතික ජන බලවේගය තමන්ගේ ජයග්‍රාහී අවස්ථාවක පවා 29 දෙනෙකුගෙන් යුත් ජාතික ලැයිස්තුව තුළට ආබාධිත පුද්ගලයෙක්ව ඇතුළත් කළේ. ගොඩක් අය කිව්වා මේක ඡන්ද ගන්න උපායමාර්ගයක් කියලා. මේක යාථාර්ථයක් වුණා. ඒ තුළ මාව ජාතික ලැයිස්තුවෙන් නියෝජනය වෙනවා. මම නියෝජනය කරන්නේ දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, චලන උණතා සහ බුද්ධි වර්ධන ගැටලු ඇති සියලු කණ්ඩායම්. ඒ වගේම මනෝ සමාජීය කණ්ඩායම. මේ කණ්ඩායමට ප්‍රමුඛතාවය ලබාදෙමින් ආබාධිත ප්‍රජාවගේ පෝසත් රටක් තුළ ලස්සන ජීවිතයක් ලබාදෙන්න ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙලට ආබාධිතයින් අන්තර්ග්‍රහණය කරගනිමින් ඔවුන්ට අභිමානවත් ජීවිතයක් කැඳවීම තමා මගේ එකම අභිලාෂයි. මම බලාපොරොත්තු වෙනවා මේ ලැබිච්ච ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ඵලදායිතාවයක් ආබාධිත ප්‍රජාවට ලබාදෙන එක මගේ ඉලක්කයයි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට