
පාකිස්තානයේ ලාහෝර් සහ මුල්තාන් හි පවතින වායු දූෂණයේ තීව්‍රතාවය හේතුවෙන් එම නගර තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර හුදකලා කර තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඝක දුමාරය පසුගිය දින කිහිපයේ පටන් පන්ජාබ් හි නගර කිහිපයක් පුරා පැතිරී ඇති බවය.
එම නගරවල ඉදිකිරීම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන එන වාහන නගරවලට ඇතුවීම ද අවහිර කර ඇති බව පැවසෙයි.



















































