
චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අමෙරිකානුවෙකු අත්අඩංගුවට ගත් බව ජර්මනිය පවසයි.
සැකකරු විදේශ රහස් සේවයක බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට එකඟ වී ඇති බවට විමර්ශන නිලධාරීන් සැක කරයි.
ඔහු සංවේදී තොරතුරු චීන ඔත්තු සේවයකට සම්ප්‍රේෂණය කිරීමට ඉදිරිපත්වී ඇතැයි ද පැවසෙයි.





















































