header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
සමේ පිළිකා වැඩිවීමට ආලේපන හේතුවන බවට අනාවරණයක්
සමේ පිළිකා වැඩිවීමට ආලේපන හේතුවන බවට අනාවරණයක්
Mobitel 1278

පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පැවසුවාය.

අද (06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, සමේ ආලේප කරනු ලබන විවිධ ආලේපන ඊට එක හේතුවක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය,

"ඕන කෙනෙක්ට තමන්ගේ සම ලස්සනට තියාගන්නම්.... කළ යුතු පළමු දේ තමයි ඔබේ සමේ මොකක් හෝ රෝග තත්ත්වයක් තිබේ නම් ඒ රෝග තත්ත්වයට ප්‍රතිකාර කරගත යුතුයි. උදාහරණයක් විදියට කුරුලෑවගේ දෙයක් තියෙනවා නම්, මහත නිසා බෙල්ල කළු වෙනවා නම් බල්ල කළු වෙන එක සූරලා මොනවා හරි ගාලා හරියන්නේ නැහැ. මහත් වෙන්න හේතුව බලලා ඒකට ප්‍රතිකාර කරගන්න ඕනේ. නැතුව බෙල්ලට මොනවා හරි ගාල හරියන්නේ නැහැ.

අනිවාර්යෙන් සමේ රෝගයක් තියෙනවා නම් අදාළ රෝගයට නියම අවස්ථාවේ ප්‍රතිකාර අරගන්න ඕනේ. වියළි සමක් තියෙන අය ඉන්නවා නම් ඒ අය වියළි සම අඩුවෙන්න ‍Moisturizers Cream ගාන්න ඕනේ. නෑමෙන් විනාඩි 05ක් ඇතුළත ඒ ‍Moisturizers Cream එක ගාන්න ඕනේ.

ඊට අමතරව අපේ රටේ තියෙන එළවළු, පළතුරු ඒවාගේ හොඳ ප්‍රතිඵල තියෙනවා. සමබල ආහාර වේලක් කියන්නේ ඉතාම වැදගත් සම හොඳට තියාගන්න. ඒ කියන්නේ හොඳට පළතුරු සහ එළවළු ගන්න ඕනේ. ඇත්තටම අව්වෙන් ආරක්ෂා වෙනවා නම් ඇත්තටම කළු වෙන එක අඩුවෙනවා එහෙම කියලා දවසට පැය 06ක් ක්‍රීඩා කරන ළමයෙකුට සම සුදුවෙන්න ක්‍රීම් ගාල වැඩක් නැහැ. මොකද එයාගේ සම බාගෙට සුදු කරලා ඊළඟට අව්වට නිරාවරණය වීමෙන් වෙන හානිය ඊට වඩා වැඩියි.

sun block cream ගාලා තද අව්වට ගිහින් ක්‍රීඩාවක් කළොත්, අපේ රටේ තියෙන අව් රශ්මිය හැටියට ඒ sun block එකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ. හැබැයි අව්වට සමේ රෑෂ් එකක් එනවා නම්, සමහර අභ්‍යන්තර රෝගී තත්ත්වයන් එනවා, සමහර ඖෂධ පාවිච්කරන අය ඉන්නවා ඒ වගේ අය සම අව්වෙන් පරිස්සම් කරගන්න ඕනේ. ඒ අය sun block පාවිච්චි කරන්න ඕනේ, Moisturizers Cream පාවිච්චි කරන්න ඕනේ. නියමිත ආහාරයක් ගන්න ඕනේ.

අනිත් එක තමයි කොන්ඩේ.... අපි එක පාරට Diet control ගියොත්, ඒ කියන්නේ එක පාරට කිලෝ 05ක් 06ක් අඩු කරගන්න යනවා එතකොට කොන්ඩෙත් බාගෙට අඩුවෙනවා. අපි ක්‍රමාණුකූලව තමයි බර අඩුකරගන්න ඕනේ. එක පාරට අපි බර අඩුකරන්න ගියොත් අනිවාර්යෙන් අපේ හෙයාර් ලොස් එක නොවැළැක්විය හැකියි.

ඒ වගේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර අරගෙන, පෝෂණය තියෙන ආහාර අරගෙන Moisturizers Cream පාවිච්චි කරලා, සුදුසු වෙලාවට sun block පාවිච්ච කරලා අපි හැමෝට හොඳ සමක් තියාගන්න පුළුවන්. සමේ පාට නෙමෙයි වැදගත් සම කොච්චර නිරෝගිද කියන එක තමයි වැදගත්. අපිට කොච්චර සුදු සමක් තිබුණත් වැඩක් නැහැ අපි රෝගීනම්.

ගොඩක් Glutathione ගාලා සුදු වෙන අයට එළියට ගිය ගමන්ම Sun damage වැඩියි. ඒ අයට ලංකාව වගේ අව්ව ගොඩක් තියෙන රටක සමේ පිළිකා වැඩියි. ස්වභාවධර්මයෙන් අපිට තද සමක් ලැබිලා තියෙන්නේ ආසියානුකරයේ අයට මේ අව්ව තියෙන පරිසරයේ අපිට පිළිකා අඩුකරලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න. ඒක තමයි අවුව තියෙන රටවල ජීවත් වෙන අයගේ ස්වභාවයෙන් dark සම තියෙන්නේ. ඒක නැති කර ගත්තාම එකේ අහිතකර ප්‍රතිඵල අපිට ලැබෙනවා.

දැනට සමේ පිළිකා කියන එකේ ඇතිවෙන ප්‍රමාණය පසුගිය අවුරුදු කිහිපය ඇතුළත සංඛ්‍යාත්මක වශයෙන් වැඩිවීමක් තියෙනවා. අපි විශ්වාස කරනවා යම් ප්‍රමාණයක් දුරට අපි ගාන ආලේපනවලින් එන ඒවා ඒකට හේතුවෙනවා කියලා. නමුත් නියම ප්‍රතිඵලය අපිට බලාගන්න පුළුවන් තව ටිකක් කල් ගියාම."

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්