header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනයෙන් වැඩි ඉඩක්
Oct 31, 202404:03 PM
ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනයෙන් වැඩි ඉඩක්
Mobitel 1278

ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නව වසරේදී සම්පූර්ණ ඇගයීමක් සිදුකිරීමට චීන රජය කටයුතු කරන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ චීන ආධාර යටතේ පුහුණුවූවන් වෙනුවෙන් කොළඹ ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමිනි.

ඊට එක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා සිටියේ මෙරට ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය නුදුරේදීම අවසන් කර, ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා නව මූල්‍යාධාර ලබාගැනීම යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

ඊට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සඳහන් කළේ,

"ශ්‍රී ලංකාව සමග සියලු ක්ෂේත්‍රයන්හි අධ්‍යාපන සහයෝගිතාවක් පවත්වාගැනීම චීන රජය අතිශය වැදගත් කොට සලකනවා. වසර ගණනාවක් මුළුල්ලේ චීනයේ දී ශ්‍රී ලාංකිකයින් එවැනි විවිධ පුහුණු වැඩසටහන්වලට සහභාගී කරවීමට අපේ විදේශ ආධාර මුදල් යොදාගත්තා. මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට දහසකට වැඩි ශ්‍රී ලාංකිකයින් ප්‍රධාන ක්ෂේත්‍ර 17ක් ආවරණය කරන පුහුණු වැඩසටහන් සඳහා චීනයට ගොස් තිබෙනවා."

"සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග මානව සම්පත් සහයෝගිතාව වැඩිදියුණු කිරීමට චීන රජය අඛණ්ඩව කටයුතු කරනවා. නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධනය අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරනවා. එහිදී ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමටත් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර මිතුදම සදාකල් පවතීවායි මම ප්‍රාර්ථනා කරනවා."

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,

"විශේෂයෙන් අර්බුදකාරී සමයේ දී ශ්‍රී ලංකාවට ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සහායවීමට චීනය ණය සහ මූල්‍යාධාර ලබාදුන්නා. සමස්තයක් ලෙස චීනය අඛණ්ඩව ලබාදෙන සහාය ආර්ථික වර්ධනය සහ නවීකරණය සඳහා ශ්‍රී ලංකාවේ අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සැබැවින්ම වැදගත්වනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම ක්‍රියාවලියේ දී චීනය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ බව කිවයුතුයි. හරියටම වසරකට පෙර, 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී චීනය ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන් අතුරින් ණය ප්‍රතිකර්ම සඳහා ප්‍රකෘතිමත් එකඟතාවක් ප්‍රකාශයට පත්කළ ප්‍රථම රට වනවා. ශ්‍රී ලංකාව චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය සඳහා එම ණය ප්‍රතිකර්ම කොන්දේසි එකඟතාව ඇතිවුණා. එම එකඟතාව බලාත්මක වීමත් සමග ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය අවසන් කළ පළමු බාහිර ණයහිමියා බවට පත්වුණේ චීන එක්සිම් බැංකුවයි. චීන සංවර්ධන බැංකුවට අදාළ ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය ද විශිෂ්ට ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා."

"දැන් අප චීන සංවර්ධන බැංකුවට අදාළ ණය ප්‍රතිකර්මය නිල ණයහිමියන් සමග සංසන්දනාත්මක ණය ප්‍රතිකර්මයක් කිරීමේ අවසන් අදියරට පැමිණ සිටිනවා. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කොතරම් සංකීර්ණද, අභියෝගකාරීද යන්න සියලුදෙනාම දන්නවා. අපට මෙය සිදුකළ හැකිවන්නේ චීන ණයහිමියන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්‍යොන්‍ය විශ්වාසයෙන් සහ යහපත් ආකල්පයකින් කටයුතු කිරීම නිසයි. ණය ප්‍රතිකර්ම පරිච්ඡේදය නුදුරේදීම අවසන් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. ඒ අනුව ඉදිරියේ දී ඉහළ ප්‍රමිතියේ ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා නව මූල්‍යාධාර ඇතුළුව චීනය සමග ශක්තිමත් මූල්‍ය සහයෝගීතාවක් යළි ගොඩනැගීමට හැකිවේවි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

“රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana