header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
සූකර උණ තවත් පළාත් කිහිපයකට පැතිරෙයි
Oct 28, 202404:10 PM
සූකර උණ තවත් පළාත් කිහිපයකට පැතිරෙයි
Mobitel 1278

බස්නාහිර පළාතේ පළමුවරට වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය මේ වනවිට ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පවසයි.

අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම සූකර උණ වැළඳුණු සතුන්ගේ මරණ ප්‍රතිශතය ඉතා ඉහළ බවත් මෙම රෝග තත්ත්වය පාලනය සඳහා මෙතෙක් ඖෂධයක් සොයාගෙන නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බස්නාහිර පළාතේ ගොවිපොළවල් 04කින් මේ වනවිට වාර්තා වී ඇති බව පළාත් අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ බස්නාහිර පළාතේ බේරුවල, වැලිසර සහ පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් මෙම රෝගී තත්ත්වය ගොදුරුවී ඇති සතුන් දැනට හඳුනාගෙන ඇති බවය.

පසුගිය සතියේ වාර්තා වූ දත්ත අනුව බස්නාහිර පළාතේ ඌරන් 70,000ක පමණ ප්‍රමාණයක් සිටින බවත් ඉන් 20,000ක් 25,000ක් අතර ප්‍රමාණයක් මෙම රෝග තත්ත්වය වැළඳී මියගොස් ඇති බව සඳහන් ය.

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පවසා සිටියේ, "මේ රෝගය පාලනය කිරීමේ සැලැස්ම ගත්තොත් එකක් තමයි රෝගය හඳුනා ගන්නවා. ඒ සත්තු ටික ඔක්කොම සීල් කරන්න ඕනේ එහෙම කරලා එළියට වෛරස් එක යන එක නතර කරගන්න ඕනේ. පොකට් එකක් ඇතුළට දාගන්න ඕනේ. යම් කාලයක් ගන්න වෙනවා. හැබැයි මාර්ගෝපදේශනවල තියෙන්නේ ආසාදන වුණු සත්තු ටික මරන්න ඕනේ. සමහර රටවල් එහෙම කරනවා ලංකාවේ ආර්ථිකයත් එක්ක ඕක කොහොමද කරන්නේ? සත්තු මරණකොට ඒ අයට වන්දියක් ගෙවන්න ඕනේ. කොහොමද එහෙම වන්දි ගෙවන්නේ අපිට සල්ලි තියෙනවද?" යනුවෙනි.

රජයක් ලෙස මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමර්ග සඳහන් කරමින් අදාළ ගැසට් නිවේදනයක් අද (28) නිකුත් කිරීම නියමිත බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසීය.

"මැරුණු කෑලෑ ඌරන් පිළිබඳව දැනට වාර්තා වෙලා තියෙනවා මීරිගම ප්‍රදේශයෙන් ඇයි මරුණේ කියන එක තාම දන්නේ නැහැ. වෙනදට වැඩිය සත්තු කිහිපයක් මැරිලා ඉන්නවා ප්‍රදේශයේ ජනතාව කිව්වා."

මේ අතර බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට ඊයේ (27) තහවුරු විය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී එම සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවය.

පසුගිය කාල සීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"