
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ බුලන්ඩිෂාර් දිස්ත්‍රික්කයේ නිවසක සිලින්ඩරයක් පිපිරී යාමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.
එහිදී තවත් පුද්ගලයින් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අදාළ පිපිරීම වන අවස්ථාවේ එම නිවස තුළ පුද්ගලයින් 19 දෙනෙකු පමණ සිට ඇති අතර මියගිය පුද්ගලයින් අතර ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවක් ද වන බව සඳහන්ය.
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
මීට මාසයකට පමණ පෙර ද බුලන්ඩිෂාර් දිස්ත්‍රික්කයේ රතිඤ්ඥා කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබීය.



















































