header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
විදෙස් ජාතිකයින් මෙරටදී සිදුකරන අන්තර්ජාල ජාවාරම් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
Oct 16, 202401:35 PM
විදෙස් ජාතිකයින් මෙරටදී සිදුකරන අන්තර්ජාල ජාවාරම් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
Mobitel 1278

විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.

අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"අපිට සුවිශේෂ තත්ත්වයක් මෙතෙනදී අත්දකින්නට ලැබුණා. ස්කෑමින් කෑම්ප්. මේවා කෑම්ප් විදිහට සකස්වෙලා තියෙන්නේ. මේක නව ප්‍රවණතාවයක් ශ්‍රී ලංකාවට. 2024 වර්ෂයේදී තමයි මේ කෑම්ප් කියන තත්ත්වය දකින්න ලැබෙන්නේ. මේ කෑම්ප් එකකදී වෙන්නේ මොවුන් වෙනම ස්ථානයක් තෝරාගන්නවා, කාමර පාහසුකම් සහිත ඉඩකඩ සහිත ස්ථානයක් අවශ්‍යයි. මේ අයට එළියට යන්න දෙන්නේ නැහැ. මියන්මාරයේ ශ්‍රී ලංකිකයෝ හිරකරගෙන ඉන්නවා කියන්නේ ඒ තත්ත්වය තමයි මෙහෙත් තියෙන්නේ. ඒ කාර්යයම තමයි."

අන්තර්ජාලය ඔස්සේ මෙරටදී සිදුකර ජාවාරම් සම්බන්ධයෙන් පොලීසිය විසින් පුද්ගලයින් 300කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට අමතරව ජංගම දුරකථන 500කට ආසන්න සංඛ්‍යාවක් සහ පරිගණක 300කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ජාවාරම් සිදුකරන පුද්ගලයින්ට ස්ථාන ලබාදෙන අයට එරෙහිව අපරාධමය චෝදනා එල්ලකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අන්තර්ජාලය ඔස්සේ ජාවාරම්කට හසුවූ පුද්ලයෙකුගේ මුදල් ආපසු ලබාගැනීම ඉතා සුලභ තත්ත්වයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, අපරාධ වෙනස් වන ආකාරයට නීතිරීති ද සකස්කළ ගතයුතු බවය.

"මේ නීතිරීතිවල යම් යම් වෙනකම් සිදුකළ යුතු තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඒ නීතිරීති කඩිනම්න් වෙනස් කළ යුතු තත්ත්වයක් තියෙනවා. ඒ ගැන අවධානය යොමුකරලා තියෙනවා. පොලීසිය වශයෙන් අදාළ ආයතනවලට යොමුකරලා තියෙනවා වෙනස්වන අපරාධවලට වෙනස්වන ආකරයට නීතිරීති සකස් කර ගැනීමට. එහෙම නැති වුණොත් මෙවැනි අන්තර්ජාලය හරහා තියෙන මේ අපරාධවලට පිළිතුරු හොයා ගැනීමට ටිකක් අමාරුවෙනවා. ඒ නිසා අපි ප්‍රවේසම් වීම ඉතා වැදගත් වෙනවා."

මේ අතර අන්තර්ජාලය ඔස්සේ ජාවාරම් සිදුකරන චීන ජාතිකයින් ගැන පරික්ෂණ සිදුකිරීමේදී චීන පොලීසිය, ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඉතාම සමීපව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම පරීක්ෂණ සඳහා සහාය දීමට චීන පොලිස් නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණි බව ඔහු පැවසීය.

"ලංකාවේ චීන භාෂාව දන්න සාමාන්‍ය සිවිල් පුද්ගලයෝ සිටින්නේ ටික දෙනයි. ඒ නිසා චීන රජයෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු පමණ පසුගිය කාලයේ ආවා ලංකාවට. ඒ අය ලංකාවට ඇවිත් මෙම පරික්ෂණවලට අවශ්‍ය සහාය ලබාදුන්නා. ඔවුන් හැමතිස්සේම අපිට උදව් උපකාර කරනවා. විශේෂයෙන්ම චීන පොලීසිය, ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඉතාම සමීපව කටයුතු කරනවා මෙවැනි කාරණාවලදී."

මේ අතර පසුගිය දිනවල ද අන්තර්ජාල ජාවාරම් සම්බන්ධයෙන් මෙරටින් චීන ජාතිකයන් විශාල පිරිසක් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

එවන් පසුබිමක කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කළේ, අන්තර්ජාල ජාවාරම් සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චීනය සමීප අවධානයෙන් පසුවන බවය.

එම සිද්ධීන් දෙරටේ ජනතාවගේ දේපොළවලට පමණක් නොව චීනයේ ප්‍රතිරූපයට සහ දෙරට අතර සාම්ප්‍රදායික මිතුදමට බරපතළ හානියක් සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන්ය.

අදාළ සැකකරුවන් නියත වශයෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය බලගැන්වීමේ අයතන වෙත පූර්ණ සහාය දක්වන බව එම තානාපති කාර්යාලය පැවසීය.

එහිදී අදාළ සැකකරුවන්ගේ නීත්‍යානුකූල අයිතීන් ආරක්ෂා වියයුතු බව ද එමගින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ යටිතල පහසුකම් සහ භූ දේශපාලනික පිහිටීම මෙන්ම චීනය සමග පවතින මිතුරු සබඳතා වාසියට යොදාගනිමින් ඇතැම් ඉලෙක්ට්‍රොනික අපරාධකරුවන් සහ කල්ලි ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

මෙම ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමුකරමින් ශ්‍රී ලංකාව සහ චීනය අතර ඔන්ලයින් වංචා වැළෑක්වීම සඳහා නීතිය බලගැන්වීමේ සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට චීන රජය කටයුතු කරමින් සිටින බව චීන තානාපති කාර්යාලය පැවසීය.

අත්අඩංගුවට ගන්නා ලද චීන ජාතිකයන් පිටුවහල් කිරීමේ සහ අනෙකුත් ක්‍රියාකාරකම් කඩිනමින් සිදුවන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මීට අදාළ සමීපතම සිදුවීම ඊයේ (15) හලාවත, ඉරණවිල මාර්ගයේදී වාර්තා වුණි.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි විදෙස් ජාතිකයින් පිරිසක් එහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, අත්අඩංගුවට ගත් එම විදේශිකයින් අතරට මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයින් 04ක්, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවක්, කෙන්යානු ජාතික කාන්තාවක් හා චීන ජාතික පිරිමි පුද්ගලයෙක් සිටි බවය.

අදාළ පිරිස අන්තර්ජාලය ඔස්සේ, මුදල් වංචා සිදුකරන බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 20ක්, රවුටර් 03ක් සහ ජංගම දුරකථන 282ක් පොලිස් භාරයට ගෙන ඇත.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ