header logo
SLIC
විශේෂාංග
මුඛ සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළට
Oct 13, 202403:45 PM
මුඛ සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළට
EDEX

මෙරට මුඛ පිළිකා සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වාදෙන්නේ පසුගිය වසරේ පමණක් නව පිළිකා රෝගීන් 33,000කට අධික පිරිසක් වාර්තා වී ඇති බවය.

පිළිකා හේතුවෙන් පසුගිය වසරේ මරණ 19,000ක් සිදුව ඇති බව ද සඳහන් වේ.

මෙරටින් වාර්තාවන පිළිකා රෝගී මරණවලට පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා, පෙනහළු හා මහ බඩවැලේ පිළිකා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙයි.

පිරිමි පුද්ගලයින් අතර මුඛ පිළිකා වර්ධනය වීමක් දක්නට ලැබෙන අතර මෙරට ජනගහනයෙන් ලක්ෂයකට මුඛ පිළිකා රෝගීන් 1,990ක් වාර්තා වන බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම මගින් පිළිකා රෝගීන් වාර්තා වීම අඩු කර ගත හැකි අතර පිළිකා ප්‍රතිකාර පිළිබඳව ප්‍රමිතීන් ඉහළ නැංවීමට ද කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට