බංග්ලාදේශයේ යුනුස්ගේ නිවස සොයා විරෝධතාකරුවන් එයි

බංග්ලාදේශයේ යුනුස්ගේ නිවස සොයා විරෝධතාකරුවන් එයි

October 1, 2024   07:22 pm

රජයේ රැකියා සඳහා ලබාදෙන වයස් සීමාව වැඩිකරන ලෙස ඉල්ලා  බංග්ලාදේශ භාරකාර රජයට බලකරමින් නව විරෝධතා මාලාවක්  ආරම්භවී තිබේ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ රජයේ රැකියා සඳහා වන වයස් සීමාව අවුරුදු 31 සිට 35 දක්වා වැඩි කරන ලෙසය.

විරෝධතාකරුවන් බංග්ලාදේශ ප්‍රධාන උපදේශක  මුහම්මද් යුනුස්ගේ ඩකා අගනුවර පිහිටි නිවස දෙසට ගමන් කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර ද එල්ල කර තිබුණි.