
බුත්තල අඹකොළවැව ප්‍රදේශයේ පිහිටි වගා ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඊයේ (23) වන දින පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම මළසිරුර සොයාගත් බව පොලීසිය පවසයි.
අඹකොළවැව ප්‍රදේශයේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් මෙලෙස හමුවී තිබේ.
මියගොස් ඇත්තේ 47 හැවිරිදි බුත්තල, උනාවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
බුත්තල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.





















































