header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාව
Sep 10, 202408:41 PM
දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාව
Mobitel 1278

දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් හමුවූ ශිලා ලේඛනය කියවීමට මෙරට විද්වතුන් පිරිසක් සමත්වී තිබේ.

එම ශිලා ලේඛනය වසර 2,200ක් පමණ පැරණි බවට අනුමාන කෙරේ.

එසේම මෙය මෙතෙක් මෙරටින් හමුවී තිබෙන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියන ලද විශාලතම ශිලා ලේඛනය.

දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් එම සෙල් ලිපිය පසුගිය වසරේදී සොයා ගැනුණි.

විශේෂයෙන් පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් සමන්විත මෙම සෙල් ලිපිය ක්‍රිස්තු පූර්ව 137 සහ 119 යන කාල වකවානුවට අයත් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විද්වත් මණ්ඩලය හඳුනාගෙන තිබුණි.

ආදි බ්‍රාහ්මීය අක්ෂර 24ක් ලංකාවේ මෙතෙක් හමුවී ඇති අතර ඉන් අක්ෂර 23ක් මෙම ශිලා ලේඛනයෙහි සඳහන් ය.

ඒ සම්බන්ධයෙන් එම විද්වත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කරුණු පැහැදිලි කළේය.

"ඊට අමතරව අපිට සංකේත දෙකක් හඳුනාගන්න හැකිවුණා. භාෂාව හැටියට සිංහල ප්‍රාකෘත භාෂාව පාවිච්චි කරලා තියෙනවා. ලිපියේ කාලය සහ කතෘත්වය ඉතා වැදගත් වෙනවා. ඒ ගැන විවිධ කතා බහ තිබුණා. අපි පැහැදිලිව හඳුනා ගත්තා මෙම ශිලා ලේඛනයේ තිබෙන නම් අනුව මෙහි තිබෙනවා අයතිෂ කියන නාමය අපි හඳුනාගත්තා ඒ කාවන්තිස්ස රජතුමා කියලා ඒ වගේම එහි මහරජ තිෂ වශයෙන් තිබෙනවා. අපි ඒක නිවැරදිව හඳුනාගත්තා. සද්ධාතිස්ස රජ තුමාට අයිතියි කියලා. ඒ අනුව අපි විශ්වාස කරනවා මෙම ශිලා ලේඛනය සද්ධාතිස්ස රජ තුමාගේ කාලයෙදී තවත් තේරෙන විදියකට කිව්වොතින් අදින් අවුරුදු 2200කට පෙර ලියන ලද ශිලා ලේඛනයක්. මෙහි විශේෂත්වය තමයි මෙතෙක් මෙරටින් ලැබී තියෙන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියන ලද විශාලතම ශිලා ලේඛනය. එසේම ශාසනය වෙනුවෙන් කරන ලද මහා පරිමාණ පරිත්‍යාග ගැන සඳහන් වන මෙතෙක් හමුවෙලා තිබෙන පැරණිම සෙල් ලිපිය හැටියටත් මෙය හැඳින්විය හැකියි. එසේම අනුරාධපුර රාජධානි සමයේ මුල් අවදියේ දිවයිනේ නැගෙනහිර පළාතේ විශේෂයෙන් දිඹුලාගල ගැන තොරතුරු විශාල පරමානයක් එහි දැක්වෙනවා. මෙම ශිලා ලේඛනයේ පළමු පේළිය අවාසනාවකට ගෙවිලා ගිහිල්ලා. මෙම ශිලා ලේඛනයේ දැක්වෙනවා ලංකාව පාලන ඒකක හැටියට කොටස් කිහිපයකට බෙදලා රජවරු විසින් පාලනය කළ බව. මෙම ශිලා ලේඛනයේ වැදගත් රජ පරපුරක් පිළිබඳව අපට හමුවෙනවා. දේව මූශික කියන කර්ණිකාව පාලනය කළ පියපුතු පරපුරක් ගැන දැක්වෙනවා. එහි ගමනි අෂලි කියන රජෙක් ගැන ඒ වගේම ඔහුගේ පුත්‍ර ශිව කියන කෙනෙක් ගැන ඒ වගේම සුර තිස්ස කියලා කුමාරයෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. එසේම දීප රාජ කියලා කිසියම් රාජ්‍ය පාලකයෙක් පිළිබඳව මෙහි දැක්වෙනවා. දීප රාජ කියන නම මිහින්තලේ ශිලා ලේඛනයකත් දැක්වෙනවා. මේ රජවරු දෙන්නම එක්කෙනෙක් ද කියන එක ගැන අපිට සැකයක් තියෙනවා. කෘෂි ආර්ථිකය සහ වෙළෙඳ ආර්ථිකය ගැනත් එහි දැක්වෙනවා. කුඹුරු බදු, බිම් බදු පිළිබඳව ඉඩම් කොටස් ආරාම වලට පැවරීම පිළිබඳව ඒ වගේම එම බදු ආරාමයේ පරිහරණය සඳහා කෙසේ යොදා ගත යුතුද යන්න පිළිබඳවත් එහි දැක්වෙනවා. ඒ වගේම ලංකාවේ බැංකු වලට සමාන කළ හැකි කිසියම් වෙළෙඳ ආයතන හෝ මූල්‍ය ආයතන ගැන තොරතුරු මෙහි දැක්වෙනවා. ඒක ලංකාවේ පළවෙනි අවස්ථාව තමයි ශිලා ලේඛනයක බැංකුවලට සමාන සමාන ආයතන ගැන වාර්තා වෙන එක. මේකේ එබඳු මූල්‍ය ආයතන 3ක් ගැන දැක්වෙනවා. මුලතන, දේවතන, බදනතන සහ අරියතන වශයෙන් ඒවා හඳුන්වල තියෙනවා. වසර 2200කට පෙරත් මෙම දිඹුලාගල කලාපයේ බුදුදහම හොඳින් ව්‍යාප්තව තිබූ බව අනාවරණය වුණා. මෙම ආරාමයට විවිධ පරිත්‍යාග කළ අය ගැනත් සඳහන්. එම සමාජය වෘත්තිකයින් හැටියට අශ්වාරෝහකයින්, චිත්‍ර ශිල්පීන්, ආචාර්යවරුන්, කාර්මික ශිල්පීන් දාසයන් බ්‍රාහ්මණයන් මැණික් කර්මාන්තකරුවන් ගැන දැක්වෙනවා. ඔවුන් මෙම ආරාමයට දායකත්වය දීලා. පොදුවේ ගත් කළ අනුරාධපුර රාජධානි සමයේ මුල් අවදීයේ දේශපාලන, ආර්ථික, ආගමික සහ සමාජයික තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය වන මෙම ශිලා ලේඛනය ඉදිරියේදී ඉතිහාසඥයින් පුරාවිද්‍යාඥයින් ඒ වගේම භාෂා විශාරදයින් විසින් අධ්‍යයනය කළ යුතුයි. ඒ එක්කම මේ ශිලා ලේඛනය මහාර්ඝ වස්තුවක් ලෙස අප සලකනවා. අපේ උරුමයක් ලෙස ආරක්ෂා කළ යුතු වෙනවා. එහි ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ජනතාවට මෙය දැකබලා ගැනීමට අවස්ථාව දිය යුතුයි. දිඹුලාගල ශිලා ලේඛනය තවදුරටත් කැලයේ වැස්සට තෙමෙන අව්වට වේලෙන ගල් ගෙඩියක් නොකොට මෙම ශිලා ලේඛනය කල්ප රුක්ෂයක් කරගත යුතුයි..."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට